Tuesday, August 16, 2011

සජිත් හෙට 'සිරිකොත' වටලයි


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවට පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
 
හෙට (17) එජාප කෘත්‍යාධිකාර රැස්වීමක් සිරිකොත මන්දිරයේ පවත්වන්නට නියමිත අතර සජිත් ආසන සංවිධායකයින්ට කතා කොට මෙම අවස්ථාව සඳහා සෑම ආසනයකින්ම බස් රථ දෙකක සෙනග එවන ලෙසට ඉල්ලීම් කර ඇත.
පසුගිය දිනවල එජාප නායකත්වයට කරු ජයසූරිය නම් කරන්නට සජිත් ගෙනා යෝජනාව පිළිබඳ මේ වනතුරු පක්ෂයේ තීරණයක් ප්‍රකාශයට පත්වූයේ නැති අතර අභ්‍යන්තරයේ ආරවුල් මැද්දේ රනිල් සිය නායකත්වය වෙනස් නොකර දිගටම සිටියි.

කෙසේ වුවද පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වය වෙනස් කිරීම සිදුවිය යුත්තේ ලබන‍ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ දී බව සභාපති ගාමිණී ජයවික්‍රම මහතා පෙන්වා දෙනවා.

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව පක්ෂයේ අර්බුද පිළිබඳ විසඳුමකට එළඹිය හැකි බව ඒ මහතා කියා සිටියා.