Tuesday, August 16, 2011

දෙපා අහිමි චමින්දගේ ගිනස් සිහිනය


විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් දෙපා අහිමි මාකොළ ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි චමින්ද වික්‍රමරත්න, පසුගිය 13 වැනි දින පෑලියගොඩ සිට අනුරාධපුරය දක්වා පැය 10 ක් තුල රෝද පුටුවකින් ගමන් කරමින් ගිනස් වාර්තාවක් පිහිටවීමට සුදානම් වුවා.

අමාත්‍යංශ නිළධාරීන් දෙදෙනෙකු සහ වෛද්‍යවරෙයකු මෙම ඉසව්ව නිරීක්ෂණය කිරීමට පැමිණි අතර සිදුවුයේ කිසිවෙකු නොසිතු දෙයක්.

පස්යාලේදී පාරේ ගමන් කල රථයක් චමින්දගේ ට්‍රයිසිකලේ ගැටුන අතර එය පාරෙන් වම්පසට ගැනීමේදී චමින්දගේ උදව්වට ආ රියක ගැටී ඇත.
එම නිසා එදින එම ගිනස් වාර්තාව පිහිටුවීමට නොහැකි වූ අතර මේ පිලිබඳ වැඩි දුර විස්තර එහිදී ඔහු කියා සිටියේ මෙවන් වාර්තාවක් තවමත් කිසිවෙකු තබා නොමැති බවත් අපේ රටේ සිටිනා අබාධිතයන්ගේ ශක්තිය පෙන්වීම සඳහා ඔහු එම උත්සාහය ගන්න බවත්  ප්‍රකාශ කර සිටියා.