Wednesday, August 17, 2011

ගෙට රිංගූ අනංගයාට උඩුමහලේ නින්ද ගිහින්



පිටිගල වැයිහේන ප්‍රදේශයේ නිවෙසකට රාත්‍රී කාලයේ හොරෙන් ඇතුළු වූ බව කියන පුද්ගලයකුට, එම නිවසේ නින්ද ගොස් සිටියදී නිවැසියන් වතුර ගසා ඇතැයි ද ඉන්පසු ඔහු නොදුටු බවද පොලීසියට පැමිණිලි කර ඇත.


වැඩ නිමකර නොමැති දෙමහල් නිවසක බිරිය හා දූවරුන් දෙදෙනා සමග උඩු මහලේ රාත්‍රීයේ නිදා සිටින අතර මේ පුද්ගලයා කාන්තා යට ඇඳුම් කිහිපයක් ඇඳගෙන උඩුමහලේ නිදාගෙන සිටි දුටු බව පැමිණිල්ලේ සඳහන් වේ.


කලබල වූ නිවැසියන් නිදා සිටි සැකකටයුතු පුද්ගලයාගේ ඇඟට වතුර ගසා ඇත. ඉන් කලබලයට පත් සැකකරු පලාගොස් ඇති අතර අසල්වාසීන් එක්ව ප්‍රදේශය සෝදිසි කළද තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ බව ඔවුන් පොලිසියට දන්වා ඇත.


සිද්ධිය වූ ස්ථානය පරීෂාකර බැලු ඇල්පිටිය කොට්ඨාසය බාර පොලිස් අදිකාරි එම්.එන්.සිසිර කුමාර මහතා එවැනි අවස්ථාවලදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමක්ද සිදුකළේය. පිටිගල වැඩබලන පොලිස් පරීෂක ප්‍රේමලාල් සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීෂණ කරති.

(පිටිගල සුමංගල පුෂ්පකුමාර)ලංකාදීප පුවත්පත ඇසුරෙනි