Saturday, August 13, 2011

නෙත් එෆ්.එම් වසා දැමිය යුතුයි - හඩ්සන් කියයී


පසුගියදා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් විකාශය කල රුවන්වැල්ලේ සෝභිත
( දැන් සුනිල් ශාන්ත ) ගේ ක්‍රියා කලාපයට වත්මන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා විරුද්ධව අදහස් ප්‍රකාශ කොට තිබෙනවා.
රුවන් වැල්ලේ සෝභිත සිවුරු හැරීම ගැන හඩ්සන් මෙහිදී සෝභිතට ස්තූති වන්ත වූයේය. නමුත් නෙත් එෆ් එම් නාලිකාව අසභ්‍ය කරුණු ප්‍රසිද්ධියේ ප්‍රචාරය කර ඇති බව කියමින් එයට දොස්තැබූ ඔහු එය වහාම සීල් කළ යුතු නාලිකාවක් යයි මොර දුන්නේය.

හඩ්සන් මහතාගේ කතාවෙන් කොටසක්-

"ඉන්ටවිව් එකක්..ඉන්ටවිව් කරන්නේ හාමුදුරුනමක්..

හාමුදුරුවෝ අහනවා ගැණු ළමයාගෙන් ..ඔයා උසද ? ඔව් හාමුදුරුවනේ උසයි.මට මේ ලේකම්වරියක් ඕන වෙලා තියෙනවා ඒ දැන්වීමටද ඔය කතා කරේ..ඔව්..ඔයා මහතද,කෙට්ටුද?වයස කියාද, පපුව එහෙම කොහමද? විදේශ සංචාර වල එහෙම යන්න කැමතිද?

අනිත් එක මේකට තමයි කියන්නේ ටෙලිෆෝන් හැකින් කියලා.මේක බලවත් අපරාධයක්..එක කරලා රේඩියෝ එකකත් දානවා.

මම ගනේගල මහත්තයගෙන් අපේ ඉතාමත් දක්ෂ නිලධාරියෙක් පරිපාලනයේ..මේ සුභාවිත ගීතය රටට දුන්න නිර්මාතෘ වරයා.හොද උගතෙක්.එතුමා අද මාධ්‍යය අමාත්‍යංශයේ ලේකම් වරයා.එතුමාගෙන් මම අහනවා..

ඇයි මේ රේඩියෝ එක වහාම වහලා දාන්නේ නැත්තේ?එකක් තමයි හොරෙන් දුරකථන වලට සවන් දීම.දෙවෙනි එක මේ බුද්ධ ශාසනයට නේ..හාමුදුරුවෝ කියල කියන්නේ බුද්ධ ශාසනයේ සාමජිකයකෙනේ..කෝටියක් සංවර සීලයක් බලාපොරොත්තු වෙන් නෑ නේ හාමුදුරු කෙනෙක්ගෙන්,මේ නටඹුන් නරි නාටකය නතර කරන්න ඕන. ඇයි ඔය ගුවන් විදුලියට සීල් තියන් නැත්තේ ?"

ඒ ගැන කියූ හැටි හඬ පටය පහතින් අසන්න