Friday, August 12, 2011

ජනපතිට චීනයෙන් ගෞරව උපාධියක්

චීනයේ නිළ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බීජිං 
විශ්ව විද්‍යාලයේ  විදේශ භාෂා අධ්‍යයන අංශය විසින් දර්ශන විශාරද ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමා තිබෙනවා.

බීජිං විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ජනාධිපතිතුමන්ට මෙම ගෞරව උපාධිය පිරිනමා ඇත.

බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලය පිහිටුවා දැනට වසර 70 ක් ගත වී තිබෙන අතර එහි සිංහල භාෂා ඒකකයට වසර 50 ක් සපුරා තිබේ.