Tuesday, August 23, 2011

මාලිංග ගෙන් කඩුළු ත්‍රිත්වයක්


ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ඛෙත්තාරම ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේ දැන් පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගයේදී 46 වැනි පන්දුවාරයේදී කඩුළු ත්‍රිත්වයක් ලබාගැනීමට ලසිත් මාලිංග සමත් විය.
එය ලෝක වාර්තාවක් වූයේ එක් දින තරග වල කඩුළු ත්‍රිත්ව තුනක් ලබාගත් එකම ක්‍රීඩකයා ඔහු වීමෙනි.


 ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කඩුළු ත්‍රිත්වය ඉක්මවා පන්දු 4ට කඩුළු 4ක් ලබාගත් එකම ක්‍රිඩකයා වන්නේද ලසිත් මාලිංගය.ඒ 2007 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය.
ලසිත් මාලිංගගේ පළමු කඩුළු ත්‍රිත්ව වාර්තාව එය විය.දෙවනුව ඔහු මේ වසරේ මාර්තු මස කොළඹදී පැවති කෙන්යාවට එරෙහි තරගයේදී කඩුළු ත්‍රිත්වයක් වාර්තා කළ අතර තෙවැන්න වාර්තා කළේ ඊයේ කොළඹදී ඕස්ටේ්‍රලියාවට එරෙහිවය.


එහිදී පළමු පන්දුවෙන් ජොන්සන්ගේ කඩුල්ලේ පන්දුව වැදුණ අතර දෙවැන්නේදී හැස්ටින්ග්ස් කඩුල්ල මුවාකිරීමට හසු විය.තෙවැන්න ඩොහර්ටිගේ කඩුල්ලේ වැදිණි.


එහි වීඩියෝව පහතින්