Monday, August 22, 2011

මම තවමත් සැමිය එක්ක


 ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ ස්විස් ජාතික ක්‍රිස් පියුරේ සමග විවාහ වුණ ආරංචිය තිබුනේ අනූව දශකයේය. නමුත් පසුගිය දශකයක පමණ කාලයක සිට ඔහු සමග කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට ගීතා සහභාගී වනු දක්නට ලැබී නැත.ඇය පසුගිය කාලයේ ඔහු ගැන කියා තිබුනේද නැත.
නමුත් මෙවර ඉරිදා සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ගීතා කුමාරසිංහ කියා සිටියේ තමා එක එක අය සමග සම්බන්ධ බවට ඇත්තේ බොරු කටකතා බවය. තමා තවමත් ක්‍රිස් පියුරේගේ බිරිය වන බවත් මිනිස්සු කොච්චර දේ කිව්වත් ව්‍යාපාරික ප්‍රශ්නයක් ආවත්, වෙනත් ප්‍රශ්න ආවත් ක්‍රිස් එක්ක සෙවණැල්ල වගේ පස්සෙන් ඉන්නා බවයි.


ඇය ඒ ගැන පුවත්පතට කිව්වේ මෙසේය

"මම ආදරණීය මවක් කියන එක කිසිවිටකත් මම අමතක කරලා නෑ. මගේ දුවට සතියට දෙතුන් පාරක් මම දුරකථනයෙන් කතා කරනවා. අවුරුද්දකට සැරයක් එයා බලලා එන්න යනවා. ඒ වගේම තමයි මේ මොහොතේ මගේ මහත්තයා ක්‍රිස් ගැනත් විශේෂ දෙයක් මට කියන්න තිඛෙනවා. ඔහුගෙන් ලැඛෙන පූර්ණ නිදහස මම ආදරයෙන් සිහිපත් කරන්න ඕන.

මිනිස්සු කොයිතරම් කටකතා කිව්වත් තාමත් මම ක්‍රිස් පියුරේ ගේ බිරිය. ඒක කවදාවත් මේ ආත්මෙදි නැතිවන දෙයක් නොවේ. ඔහුගෙන් මට දැනෙන්නේ ලොකු සහනයක්. සමහර විට ශ්‍රී ලාංකිකයෙක් එක්ක විවාහ වුණා නම් මට මේ විදියට නිදහසේ වැඩ කටයුතු කරගන්න ඉඩ නොලැඛෙන්න තිබුණා. මිනිස්සු කොච්චර දේ කිව්වත් ඒවයින් මම සැලෙන්නේ නැත්තේ ඒ නිසයි. ව්‍යාපාරික ප්‍රශ්නයක් ආවත්, වෙනත් ප්‍රශ්න ආවත් ක්‍රිස් එක්ක මම සෙවණැල්ල වගේ පස්සෙන් ඉන්නවා."