Monday, August 29, 2011

නිව්යෝර්ක් වතුරෙන් යට වෙයි කියූ මංජුලගේ අනාවැකිය සඵල වෙයි


රුපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වූ ප්‍රවීන ජෝතිර්වේදී මංජුල පිරිස් මහතා නිව්යෝර්ක් නගරය ගැන අනාවැකි පලකොට සිටියේ පසුගිය මාර්තු මසය. 
එතුමා එදින කියා සිටියේ නිව්යෝර්ක් නගරයට බලවත් ව්‍යවසනයකට මුහුණ පෑමට සිදුවන බවය.

අයිරේන් චණ්ඩ මාරුතය පැයට කිලෝමීටර් 140 ක වේගයෙන් නිව්යෝර්ක් නුවරට පසුගියදා කඩා වැදුනි.එයින් පුද්ගලයින් 10 දෙනෙක් මිය ගිය අතර නවලක්ෂයකට ආසන්න පිරිසකට විදුලිය නොමැතිව සිටීමටත්,ලක්ෂ 20 කට  ආසන්න පිරිසක් ආරක්‍ෂිත ප්‍රදේශ කරා සංක්‍රමණය වීමටත් සිදු විය.

මෙම වසරේ සිදු වූ තවත් එක දරුණුතම ස්වභාවික ව්‍යවසනයක් ලෙස මෙය හැදින්විය හැකියි.
චණ්ඩ මාරුතය නිසා නිව්යෝර්ක් නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වීමද සිදු වුනි.