Wednesday, August 17, 2011

අද කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම පමණයි උද්ඝෝෂණ පවත්වන්න බෑ


එක්සත් ජාතික පක්ෂයේ  විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්  අද (17) පස්වරු 4.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. ඊට සමගාමිව සජිත් කණ්ඩායම විසින් සිරිකොත ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.  සජිත් කණ්ඩායමේ  පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය නායකත්වය වෙනස් කරන ලෙස ඉල්ලා මෙම සත්‍යග‍්‍රහය පවත්වන බවයි.
නමුත් සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේ අද පැවැත්වෙන්නේ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම පමණක්‌ බැවින් ඊට පරිබාහිරව පක්‍ෂ මූලස්‌ථානය ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පක්‍ෂයේ යම් කණ්‌ඩායමක්‌ රැස්‌වීමක්‌, උද්ඝෝෂණයක්‌ සහ සත්‍යග්‍රහ ව්‍යාපාරයක්‌ කැඳවා ඇත්නම් එය ව්‍යවස්‌ථා විරෝධී එකක්‌ බැවින් ඊට සහභාගි නොවී සිටින ලෙස පාක්‍ෂිකයන්ගෙන් හා තම පක්‍ෂයේ සියලුම මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.


කෙසේවුවද අද උදැසන සිට සිරිකොතට යන මාර්ගය වසා දමා තිබේ. මගනැගුම විසින් හදිසියේම සිරිකොතට යන මාර්ගය කාපට් කිරීම අරඹා ඇත.