Wednesday, September 14, 2011

මුන්නේශ්වරම් කෝවිලේ බිලි පුජාව නවතී සතුන් මර්වින්ගේ බාරයට


මුන්නේශ්වරම් ශ්‍රි භද්‍රකාලි කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන බිලි පුජාව නැවත්වීමට සත්වවේදිනියන් පිරිසක් සිදුකල ඉල්ලීම පසුගියදා හලාවත දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් විසින් ප්‍රතික්ෂේප කෙරුණු අතර ඒ පිලිබඳ වැඩිදුර විභාගය මෙම මස 17 වන දිනට කල් දැමිණි.

එම බිලි පුජාව අදට දී තිබුන අතර ලබාගත් අධිකරණ නියෝගයකින් එම බිලි පුජාව නවත්වන ලදී.

අද උදෑසන එම ස්ථානයට පැමිණි මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා එහි සිටි සියලුම කුකුලන් සහ එළුවන් නිදහස් කර පොලීසියට රැගෙන යන ලෙස නියෝග කළ අතර සවසට පැමිණ එම සතුන් බාරගෙන ගොවිපලවල් වෙත බාර දෙන බවට පොරොන්දු වී ඇත.


එහි විඩියෝව