Wednesday, September 14, 2011

පිළිකා නසන මලක්


බි‍්‍රතාන්‍යයට ආවේනික පුෂ්පයක් වන  ඕටම් ක්‍රෝකස් පුෂ්පයේ ඖෂධමය ගුණයන් උපයෝගී කරගෙන පිළිකා නැසීමට පර්යේෂකයන් සූදානම් වන බව විදෙස් වාර්තා කරයි

මෙහි අඩංගු කොල්චිසීන් නම් රසායනික ද්‍රව්‍යය මගින් පිළිකා නැසීමේ හැකියාව ඇතුළු ඖෂධමය ගුණයන් හේතුවෙන් අතීතයේ පටන්  ඖෂධ ශාඛයක් ලෙස සටහන් වී ඇති මෙම පුෂ්පය මෙඩෝ සැෆ්රන් හා නේකඞ් ලේඩි ලෙසද හැඳින්වේ.

කෙසේ වෙතත් කොල්චිසීන් මගින් පිළිකා සෛල මෙන්ම අනෙක් සෛල වලට විෂ වීම හේතුවෙන් මෙහි භාවිතය මේ දක්වා සිදුවී ඇත්තේ ඉතා සීමිතවය.

කෙසේ වෙතත් පිළිකා ෙසෙල වලට පමණක් විෂ වීමට පර්යේෂකයන් විසින් කොල්චිසීන් අණුව සකසා ඇත.

ඒ අනුව කොල්චිසීන් අණුව ප‍්‍රතිකි‍්‍රයා කිරීමට ආරම්භවන්නේ පිළිකා ෙසෙලයට ළඟාවීමෙන් අනතුරුව පමණි.

බැ‍්‍රඩ්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ
Institute for Cancer Therapeutics ආයතනයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම සිදුකර ඇති පර්යේෂණය කැන්සර් රිසර්ච් නම් සඟරාවේ පළ කර ඇත.

මීයන් යොදාගෙන සිදුකරන ලද පරීක්‍ෂණ වලදී මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය මගින් පිළිකා වර්ග රැසක වර්ධනය බාල කිරීමටත් ඒවා සම්පූරණයෙන් ම සුව කිරීමටත් හැකි බවත් එම පර්යේෂකයන් පවසයි.






 


Source : Srilankamirror