Monday, September 19, 2011

රුවන්වැල්ලේ සෝභිත නැවතත් මතුවෙයි


රුවන්වැල්ලේ සෝභිත නමින් ප්‍රසිද්ධව සිටි අන්කොක්කාවල සුනිල් නමැති වංචනික පුද්ගලයා සිදුකල නොයෙකුත් දුෂණ රටට හෙළිදරව් වී තවම වැඩි කාලයක් නැත.
මෙම ආන්දෝලනයෙන් පසු ගිහි පැවිදි විශාල පිරිසක් රුවන්වැල්ලට ගොස් ඔහු වාසය කළා යයි කියන නිවසද වටලන ලදි.
නමුත් පසුව ඔහු නීතිඥයෙකු මගින් දන්වා සිටියේ චිවරය හැරීමට තමා එකඟ බවයි.ඒ අනුව රුවන්වැල්ලේ සෝභිත චිවරය අතහැර සුනිල් ශාන්ත ලෙස පෙනී සිටිය අතර දැන් ඔහු නැවතත් සිය පුරුදු වංචනික ක්‍රියා සුපුරුදු ස්ථානයේම ආරම්භකොට ඇති අතර එයටත් වඩා පුදුමය නම් ඔහුගේ නම කැතවන්නට පෙර ඔහුට ජනප්‍රිය වන්නට උදව් කළ රූපවාහිනී නාලිකා නැවත වතාවක් පෙර පරිදිම ඔහුගේ ව්‍යාපාර සඳහා  ප්‍රචාරණය ලබාදීමයි.
ඊයේ (18දා) ස්වර්ණවාහිනී  Live @ 8  ප්‍රවෘත්ති ආරම්භ කළ අවස්ථාවේම එහි පහළ තීරුවේ 

Easy TV දැන්වීමක් ලෙස රුවන් වැල්ලේ සෝබිත වෙද මැදුරේ ගුරුකම් දැන්වීම පළ වූයේ ය.
 වීඩියෝව බලන්න