Monday, September 19, 2011

ඉරවල් දෙකක් මැද ලෝකයක්



සූර්යයන් දෙකක් සහිත ග‍්‍රහලෝකයක් සොයාගෙන ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. මෙය ස්ටාර් වෝස් චිත‍්‍රපටි වල නිරූපනය කරන ටැටූනි ග‍්‍රහලෝකයේ පෙනුමට සමාන වනු ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ. පෘථිවියට ආලෝක වර්ෂ 200කට දුරින් පිහිටි මෙම ග‍්‍රහලෝකය 'කෙප්ලර් 16 b' ලෙස නම්කර ඇත. මෙය නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂය මගින් සොයාගෙන තිබේ. මෙම ග‍්‍රහලෝකයට හිරු 2ක් ඇති බැවින් එහි දිනකට දෙවරක් හිරු බසින බව විද්‍යාඥයින් පවසයි.