Tuesday, September 20, 2011

රූකාන්ත සියතට

ප‍්‍රවීන සංගීතවේදී රූකාන්ත ගුණතිලක මහතා සියත එෆ්.එම්. නාලිකාවේ ප‍්‍රධානියා ලෙස පත්ව ඇතැයි වාර්තා වේ. සිනමා නිළි සංගීතා වීරරත්නගේ සැමියා වන රොෂාන්තට අයත් සියත මාධ්‍ය ජාලය පසුගිය කාලයේ පාඩු ලැබුවේය. සියත එෆ්.එම්. නාලිකාවේ ප‍්‍රධානියා ලෙස මීට පෙර කටයුතු කරනු ලැබුවේ මොහාන් රාජ් මඩවල මහතාය.  සියත යළි ගොඩ නැගීමේ අටියෙන් මේ වෙනස්කම් දැන් සිදුකරගෙන යන බවද වාර්තා වේ.
 රූකාන්ත මෙම තනතුරට පත්වීමට පෙර ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ සංගීත අංශයේ ප‍්‍රධානියා ලෙස ද කටයුතු කළේය.

රූකාන්ත කෑගල්ල ප‍්‍රදේශයේ මධ්‍යම පාන්තික පවුලක උපත ලබා මහනුවර ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයේදී ස්ටැන්ලි පීරිස්, සිරිල් බ‍්‍රවුන් වැනි ප‍්‍රවීන සංගීතවේදීන්ගෙන් සංගීතය හැදෑරීමේ අවස්ථාව උදාකරගත් අයෙකි.
රූකාන්ත ඒකල ගායකයෙකු ලෙස තම ගායන වෘත්තීය ආරම්භ කළේ අසූව දශකයේ අග භාගයේදීය. ඔහු ශ‍්‍රී ලාංකීය ජනප‍්‍රිය (පොප්) ගායන ක්ෂේත‍්‍රයේ ඉතා සාර්ථක වූ සංගීතවේදියෙකි. ඔහුගේ ගීත ඇල්බම පිටපත් 10000 ක් පමණ ශ‍්‍රී ලංකාව තුළ අලෙවි වී ඇත.