Monday, September 26, 2011

පවුල් ජීවිතය ගැන නැවත නැවත කතාකරන්න මම කැමති නැහැ...


මට හැමතැනම නෑදැයෝ ඉන්නවා

පියුමි ශානිකා වඩාත් ජනප්‍රිය චරිතයක්‌ බවට පත්වූයේ හිමාලිගේ චරිතයෙන් ඉන් ඉක්‌බිතිව ඇයට බොහෝ චරිත ලැබුණත් අපේ ප්‍රේක්‌ෂකයන්ට තවමත් ඇය හිමාලිමයි........ රංගනයට පිවිසි කෙටි කාලය තුළ අමතක නොවන චරිතයක්‌ වන්නට සමත් වූ පියුමි ශානිකා අද  අලුත්ම තොරතුරු සමග

පියුමි මේ දවස්‌වල මොනවද කරන්නෙ

සම්පත් ශ්‍රී රෝෂණ ගේ ටෙලි නාට්‍යයක රගපෑම් කරනව. ඊට අමතරව අපේ හයේ කල්ලිය විදේශ සංචාරයකට සූදානම් වෙනවා. ඒ සඳහා නර්ථනය ගායනය හා රංගනය යන ත්‍රිවිධ අංශයෙන්ම පුහුණුවීම්වල නිතර වෙනව.

මොකක්‌ද මේ හයේ කල්ලිය

සරත් චන්ද්‍රසිරි, අමිල අබේසේකර, කුමාර තිරිමාදුර, ආනන්ද වික්‍රමගේ, සම්පත් තෙන්නකෝන් හා මම අපි හයදෙනා එක්‌කාසුවෙන් සකස්‌ කරගත් කණ්‌ඩායමකටයි හයේ කල්ලිය කියන නම යොදා ගෙන තියෙන්නේ.

ඔබ හයේ කල්ලියෙන් පිට සංදර්ශන වලට සහභාගි වෙන්නෙ නැතිද?

පෞද්ගලික සංදර්ශනයකට ඇරයුම් ලැබුණාම එවට යනව. අපේ කණ්‌ඩායමක්‌ වශයෙන් එකතුවෙලා සංදර්ශන වලට සහභාගි වෙනවා.

නිළියක්‌ වුණා කියල ගීත ගයන්නත් පුළුවන් කියලද පියුමි හිතන්නේ

විශාරදවරියකට වගේ ගයන්න නම් බැරි වෙන්න පුළුවන්. කොහොමත් නිළියක්‌ ගීතයක්‌ ගයන්නේ තමන්ගේ ප්‍රේක්‌ෂකයන්ගේ ආදර”ය රංගන ශිල්පිනිය විදිහට ඔවුන් පිනවන්නනෙ.

ඒත් බැරි දේවල් කරන්න ගිහින් උපහාසයට ලක්‌වෙන්න පුළුවන් නේද ?

ඒක අපි දැනගන්න ඕන. ගීතයක්‌ ගැයුවට පස්‌සේ ලැඛෙන ප්‍රේක්‌ෂක ප්‍රතිචාරවලින් තමන්ට ඒ දෙය යම් තරමකටවත් කරන්න බැහැ කියල හැගෙනව නම් එය තවදුරටත් කරනවද නැතිද කියල තීරණය කළ යුතුයි.

පියුමිට ලහිමාලිගෙන්ල පසුව ලැබුණ සින්දුමී ගේ චරිතයක්‌ ඊට සමානව චරිතයක්‌ නේද?

නැහැ හිමාලි කියන්නේ හරිම ගතානුගතික කාන්තාවක්‌ ඒත් සින්දුමි ගුප්ත චරිතයක්‌.

ඔබ රගපෑ චරිත අතරින් වඩාත් ආදරය කරන්නේ

මම රගපෑ හැම චරිතයකටම මම එකවගේ ආදරෙයි. ඒ හැම චරිතයක්‌ වෙනුවෙන්ම මම බොහොම කැපවීමෙන් මගේ දායකත්වය ලබාදුන්නා. ඒ නිසාම වෙන්නැති අද මට වෘත්තීය වශයෙන් මෙහි රැඬෙන්න තරම් චරිත ලැඛෙන්නෙ.

පියුමි රගපාන්න ඇරයුම් ලැඛෙන හැම චරිතයක්‌ම භාරගන්න කෙනෙක්‌ද

චරිතය කලුද සුදුද කියල නම් මම වර්ග කරන්නෙ නැහැ. ඒත් යම් චරිතයක්‌ ලැබුණානම ඒ තුළ මට කරන්න යමක්‌ තියෙනව නම් විතරයි මම ඒ චරිතය භාර ගන්නේ.

රගපෑම වෘත්තිය කර ගත්ත කෙනෙකුට ඔය විදිහට හිතල මතල රගපාන්න පුළුවන්ද?

මම මේ ක්‍ෂේත්‍රයට ආවේ නිවේදිකාවක්‌ විදිහට කටයුතු කරලයි. ඒ වගේම මම හඬ කැවීමේ ශිල්පිනියක්‌. ඉතින් ඔය අංශ දෙකෙනුත් මට ඇරයුම් ලැඛෙනවා. ඒ අනුව මට රගපාන්නත් ඇරයුම් තියෙන තරම අනුව මට ලැඛෙන දේ ජීවත් වෙන්න හොඳටම ඇති.

පියුමි විලාසිතා වලට ගොඩක්‌ ලැදියි නේද

ඔව් මම විලාසිතා ගොඩක්‌ කරන කෙනෙක්‌ යම් ඇඳුමක්‌ මට හොඳයි කියල හිතෙනව නම් වටපිටාවෙ අයගෙන් අහන්නෙ නැහැ. මම ඒ විලාසිතාව කරනව.

පියුමි රුව රැකගන්නේ කොහොමද?

රූපලාවන්‍යයට අදාළ ආලේපන ක්‍රීම් වර්ග නම් මට පාවිච්චි කරන්න බැහැ. මොකද මගේ සමට ඒව අහිතකරයි. ඒ නිසා මම ඉතින් පලතුරු වැඩිපුර කනව. කෑම පාලනය කරන්නත් මට බැහැ. මොකද මට හොඳට කන්න ඕන.

පියුමිට අම්ම වගේ ගුරුවරියක්‌ වෙන්න හිතුනෙ නැතිද?

නැහැ. ඒත් පුංචි කාලෙ ඉඳන් ගුවන් සේවිකාවක්‌ වීමේ සිහිනයක්‌ නම් තිබුණා. ඒ සඳහා මම උසස්‌ පෙළට කළෙත් භාෂා විෂයන් ඒත් අපේ අම්මයි තාත්තයි මම ඒ වෘත්තියට යොමු වෙනවට කැමැති වුණේ නැහැ.

ඔබේ දෙමවුපියන් කැමැති වුණේ ඔබ රංගනයට යොමු වෙනවටද?

රංගනයට යොමු වෙනවට අකමැත්තක්‌ තිබුණෙ නැහැ. මොකද රංගනය ගැන කලාව ගැන අම්මලට හොඳ අවබෝධයක්‌ හා කැමැත්තක්‌ තිබුණා.

ජනප්‍රිය චරිතයක්‌ වීම ගැන මොකද හිතෙන්නෙ

ජනයාට ප්‍රිය චරිතයක්‌ වීම මොන තරම් භාග්‍යයක්‌ද. මම යන එන හැම තැනකම නැදෑයො ඉන්නව. මම මගේ නැදෑයො විදිහට සලකන්නෙ මගේ ප්‍රේක්‌ෂකයන්. මම ඔවුන්ට මට හැකි සෑම විටම මගේ සුහදතාවත් ලබාදෙනවා.

ජනප්‍රිය චරිත වලට කටකතා හැදෙනව නේද

ඔව්. සාමාන්‍යයෙන් ගෙදර දොරේ ඉන්න කාර්යාලයීය රැකියා කරන කාන්තාවකට වඩා ජනප්‍රිය කාන්තාවන්ට කටකතා හැදෙනව වැඩියි.

පියුමි ඔබේ සැමියා විදේශයක පදිංචි කෙනෙක්‌ නේද. ඔහු පිළිබඳව කියනව නම්

ඔව්. ඔහු විදේශයක ඉන්නෙ. මම කැමැතියි පෞද්ගලික දේවල් නැතිව මගේ වෘත්තීය පැත්ත ගැන කතා කරන්න. මම මම කරන දෙය හරියට කරනව නම් පෞද්ගලික දේවල් එතරම් අදාළ නැහැ නේද ?

නමුත් ඔබ ආදරය කරන ඔබේ රසිකයන් ඔබගේ ජීවිතය පිළිබඳ විමසනවා

විවාහ උත්සවය පැවැත්වුණ කාලයේ මගේ සැමියා ගැන ගොඩක්‌ දේවල් පත්තර වල පළ වුණා. නැවතත් ඒ ගැන කතා කරන්න මම කැමැති නැහැ.

පියුමි ඔබ කවුද?

මම හරිම සරල විවෘත කෙනෙක්‌. ඉතාමත් සාමාන්‍ය විදිහට ජීවත්වෙන චරිතයක්‌.

හෙට දවසේ බලාපොරොත්තු මොනවද

මාලබේ ප්‍රදේශයේ මගේ අලුත් නිවස ඉදිවෙමින් පවතිනවා. ළගදීම අලුත් ගෙදරට ගොඩවදිනඑක තමයි දැන් තියෙන බලාපොරොත්තුව.

තවම දරු සුරතල් බලන්න බලාපොරොත්තුවක්‌ නැතිද?

නැහැ.




ධම්මිකා සුරංජි පතිරණ
Source : Divaina