Saturday, September 24, 2011

ශලනිගේ රහස හෙළි වෙයි

ශලනි තාරකා දක්‌ෂ රංගන ශිල්පිනියක්‌. ඒ බව ඇය රඟපෑ අතලොස්‌සක්‌ වු ටෙලිනාට්‍ය කිහිපයෙන්ම ඇය පෙන්නුම් කළ හැටි ඔබට මතක ඇති. විශේෂයෙන්ම ගඟඅද්දර ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ චරිතය බොහෝ කලක්‌ යනතුරු ටෙලිනාට්‍යය ප්‍රේක්‌ෂකයන්ට අමතක වෙන එකක්‌ නැහැ යන්නයි අපගේ විශ්වාසය. මේ දිනවල සිහින පියාපත් ටෙලිනාට්‍යයේ ද ඇය රඟපාන අතර එකී චරිතය ප්‍රේක්‌ෂකයන්ට කොතරම් සමීප වේදැයි යන්න පැවැසීමට තවමත් කල් වැඩියි.

 දැන් අවුරුදු විසි එකක්‌ මේ කාලය තුළ මං කරපු දේවල්වලින් සියයට අනූවක්‌ම හරි. මම ඒ ගැන සතුටු වෙනවා. කා අතිනුත් වැරදි සිද්ධ වෙනවානේ. මම උත්සහ කරන්නෙ. මගේ වරදක්‌ ඇත්නම් එය හදා ගෙන ඉදිරියට යන්නයි.

මම විලාසිතා කරන්න ආසයි. විලාසිතා කරන්න පුළුවන් වෙන්නේ තරුණ කාලයේ විතරනේ. එහෙම වුණත් මට කඩසාප්පු ගානේ යන්නනම් කම්මැලියි. මගේ ඒ කටයුතුවලට සහය දෙන්නේ මගේ අම්මා.

බොහෝ රංගන ශිල්පිනියන්ට වගේම මටත් කවදා හරි රංගන ක්‌ෂෙත්‍රයෙන් ඉවත්වෙන්න සිදුවෙනවා. ඒ බව මම අවබෝධ කරගෙන ඉන්නේ. ඒ කොහොම වුණත් මම රංගනයෙන් ඉවත් වුණාමත් මිනිසුන් සමඟ ජීවත්වෙන්න ඕනේ ඒ නිසා මම වඩාත් කැමති සුදු චරිත රඟපාන්න. ඒක මගේ ඇෙඟ් ඉන්න රංගන ශිල්පිනියට කරන අසාධාරණයක්‌ විය හැකියි. ඒත් මම මගේ ආත්මගරුත්වය රැකෙන පරිදි තමයි චරිත තෝරාගෙන තියෙන්නේ අනාගතයටත් ඒ දේවල් එහෙමම තමයි සිද්ධවෙන්නේ. මම රංඟනයට එද්දී ස්‌වයං වාරණයක්‌ දාගෙනමයි ආවේ. මම විවාහ වුණාට පස්‌සේ රංගනයෙන් ඉවත් වෙනවා කියලා. ඒ කොහොම වුණත් මගේ ආදරණිය රසික රසිකාවියන් වෙනුවෙන් මම රඟපෑ සිහින පියාපත් ටෙලිනාට්‍ය අලුත් අත්දැකීමක්‌ වේවි. මම කවදාවත් කාටවත්ම වචනයකින්වත් අවැඩක්‌ කියන කරන කෙනකු නොවෙයි . ඒ නිසා මම හැමදාම සතුටින් ජීවත්වෙනවා ශලනි තාරකා පවසනවා.



රවිහාරි
Source: Sarasaviya