Tuesday, September 27, 2011

අමා කියන්නේ කාටද?

අමා˜ හරි ජනප්‍රියයි නේද?

ඔව්. මට ඒක හොඳට දැනෙනවා.

මොකක්ද අමා˜ගෙ ඇත්ත නම?

ශෙරිල් රොමේන්.

අමා˜ ටෙලි නාට්‍යයට පෙර දායක වූ නිර්මාණ මොනවාද?

ඛෙනට් රත්නායක මහත්මයාගේ  ඉරහඳ යට˜ චිත්‍රපටයේ රඟපෑවා. රොමේෂ්ගේ  දිගු දෑස දුටුවාම˜ මියුසික් වීඩියෝව මේ දිනවල විකාශය වෙනවා.

කොහොමද  අමා˜ව ලැබුණේ?

චතුර කියලා මගේ යාළුවකු මාර්ගයෙන් ශාන්ත සොයිසාව අඳුන ගන්න ලැබුණා. ඔහුයි මාව  අමා˜ කළේ.

ශෙරිල් ඉගෙන ගත්තේ?

කොළොන්නාව ශාන්ත ජෝසප් විදුහලෙන්.

පදිංචිය?

කොළොන්නාව.

ලග්නය?

මීන.

උස?

5.6

ආදරවන්තයා?

තවම එහෙම කෙනෙක්ව හොයනවා.

ශෙරිල්, වැඩිපුරම ගවුම් අඳින්න ආසයි කියලා ආරංචි වුණා?

ඔව්.

කවුද පුරුදු කළේ?

මගේ ආච්චි.

ක්ෂේත්‍රය හොඳද?

හොඳට හිටියොත් හොඳයි.

ඔබ ගැන නරක කට කතාවක් පැතිර ගියොත්?

සැලෙන්නේ නැහැ.

හිත සසල වු අවස්ථාවන්වලදී මොකද කරන්නේ?

කාමරයට වෙලා කල්පනා කරනවා.

ඔබට වඩාත් ගැළපෙන නළුවා?

රොෂාන් රවීන්ද්‍ර.

උදෑසන අවදි වූ සැනින්?

වතුර එකක් බොනවා.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත්?

පැත්තවත් බලන්නේ නැහැ.

රංගනය සඳහා නිර්මාණ තෝරා ගන්නේ?

ගැළපෙනවා නම් පමණයි.

මිනිසුන් ඇසුරු කරුන්නේ?

හැසිරෙන විදිහ බලලා.

මේ දිනවල ප්‍රධාන චරිත රඟපාන නවක නිළියන් ආඩම්බරයි කියලා කට්ටිය කියනවා?

මම නම් එහෙම නැහැ. මගේ වැඩේ කොයි කවුරුත් සමඟ හිනා වෙලා ඉන්න එක.

උදව් කරන්න ගිහින් අමාරුවෙ වැටිලා තියෙනවද?

නැහැ.

ඒ කියන්නේ ශෙරිල් කාටවත් උදව් කරන්නේ නැති චරිතයක්ද?

එහෙම නෙවෙයි. මං උදව් කරනවා, ඒත් අමාරුවෙ වැටිලා නැහැ.

ශෙරිල් හරියට කණු තියනවලු?

හදිසියේම ෂූටිං වැටුණොත් යම් වැඩ මග හැරෙනවා. එතකොට එනවා කියලා එන්නේ නෑ තමයි. ඒත් කණු තියන්නේ නැහැ.

ඔබත් ආදරය, විවාහය හංගන නිළියක්ද?

මට ආදරය කරන කෙනෙක් මුණ ගැසුණු ගමන් ප්‍රසිද්ධ කරනවා. විවාහයත් එහෙමයි.

කවුද මේ වෙනකම් ජීවිතයේ ළඟින්ම හිටියේ?

අම්මා.

කවුරුන් හෝ ඔබට දිගින් දිගටම කෙනෙහිලිකම් කරනවා නම්?

ඩෝන්ට් කෙයාර්.

සමහර නිළියෝ කියනවා ඔවුන්ට රසික රසිකාවන් කරදරයක්ලු?

රසිකයෝ නිසානේ අපි ඉන්නේ.

ඔබ නිතර දකින සිහිනය?

සිහින දකින කෙනෙක් නෙවෙයි මම.

ජීවිතයේ ආදර්ශ පාඨය?

හොඳම දේ කරමින් හොඳින් සිටිමු.

වඩාත් සතුටු වූ දවස?

අමාව හිමි වූදා.

ජීවත් වන්න කැමැති රට?

ලංකාව.

ඔබ නිතර හිනාවෙන කෙනෙක්ලු?

අපහාසයට නෙවෙයි, සතුටට.

පවුලේ තොරතුරු?

අම්මයි, තාත්තයි, මමයි, අක්කයි.

ඔබ ගැන ඇසුණු වටිනා වාක්‍ය?

ශෙරිල්, හරිම හොඳ කෙනෙක්.

කවුද ඒක කිව්වේ?

ගොඩක් කට්ටිය.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න?

සැහැල්ලු කෙනෙක්.

 


සේයාරූ මාලන් කරුණාරත්න
ප්‍රසාද් සමරතුංග


Source : Sarasaviya