Tuesday, December 27, 2011

විභාග ප‍්‍රතිඵල මහා අවුලක්

 විභාග ප‍්‍රතිඵල බලන්න මෙතනින් එන්න

http://www.hirusandu.com/?pginfo=exams


බොහෝ පමා වී 26 දින නිකුත් වූ උසස් පෙළ ප‍්‍රතිඵල ප‍්‍රතික්ෂේප කැර යළි ඒ ක‍්‍රියාවලිය සමාලෝචනය කරන්නැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම්මේලනය මහජනයාගෙන් ඉල්ලයි.

කැලණි සරසවියේ මාධ්‍ය සාකච්ඡාවකදී එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවැසුවේ විභාග ප‍්‍රතිඵල වැරැදිවලින් ගහණ බවයි. අවුල් ජාලයක් බවයි.


 බොරු සටන් පාඨ එපා-විශ්ව විද්‍යාලයට යන්න දිස්ත්‍රීක් කුසලතාවය වැඩක් නෑ විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා විසින් අද දෙරණට පවසයි


 දිස්ත්‍රීක් කුසලතාවය යනු කිසියම් විභාගයකට දිස්ත්‍රික්කයකින් පෙනී සිටින සියලුම සිසුන් පිළිබඳ යම් තොරතුරක් පමණක් බවත්,එය ස්ථීර අංකයක් නොවන බවත් කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

විභාග ප්‍රතිඵල අන්තර්ජාලයෙන් ලබා ගනිද්දී තමන් මීට පෙරාතුව ලියන ලද වෙනත් විභාගයක අංකයක් ඇතුළත් කිරීම නිසා ඇතැමුන්ට නිවරදි ප්‍රතිඵල ලබාගත නොහැකිව වැරදි ප්‍රචාරයක් ගෙන යන බව හෙතෙම චෝදනා කළේය.

එය ඉතාම බරපතළ වැරැද්දක් බවද කොමසාරිස්වරයා අවධාරණය කළේය.

එබැවින් බොරු විභාග අංක වලට බොරු සටන් පාඨ නොගෙනෙන ලෙස ඔහු ඉල්ලීමක් කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අත්හිටුවා තිබු දිස්ත්‍රික් සහ ජාතික කුසලතාවයන් යළි අන්තර්ජාලයට මුදාහැර තිබේ.

තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අන්තර්ජාලයට මුදාහරිනු ලැබු දිස්ත්‍රික් හා ජාතික කුසලතාවයන් අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණු අතර පසුව සංශෝධිත ගණනය කිරීම් ප්‍රකාශයට පත් කරන ලදී.

කෙසේ වෙතත් උසස් පෙළ ප්‍රතිඵලවල දිස්ත්‍රික් සහ ජාතික කුසලතා සංශෝධනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ සමස්ත විභාග ප්‍රතිඵලයම වෙනස් විය යුතු බවයි.

මේ අතර උසස් පෙළ ප්‍රතිඵල ගැටලුව සම්බන්ධයෙන් ඊයේ කොළඹ පැවති උත්සවයකදී ඉදිකිරීම් , ඉංජිනේරු සේවා නිවාස හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ විභාග ප්‍රතිඵල ව්‍යාකූලත්වයට පත්කිරීම එහි අභ්‍යන්තරයේම කිසියම් පිරිසක් විසින් සිදුකරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි.

ආණ්ඩුවට එළියෙන් කිසිදු අභියෝගයක් නොමැති බවත් අභියෝගය ඇත්තේ ඇතුළෙන්ම බවත් එහිදී ඔහු අවධාරණය කළේය.



Source : lankadeepa & Ada derana