Monday, December 26, 2011

සංචාරකයා මළේ කැපුම් තුවාලවලින්

තංගල්ල මැඩිල්ලේදි  බ්‍රිතාන්‍ය වැසියකු ඝාතයන කැර ඇත්තේ වෙඩි තැබීමෙන් නොව තියුණු අවියකින් කැපීමෙන් වු තුවාල වලින් යැයි මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි
දොස්තර එච් .කේ. කේ විජේවීර කියයි
හිසේ ද වෙඩි පහරක් ඇතත් එය ටී 56 උණ්ඩයකින් සිදුවිය නොහැකි බව ද වෛද්‍යවරයාගේ වාර්තාවේ දැක්වේ සිද්ධිය වු ස්ථානයේ  ටි 56 උණ්ඩ වැටි තිබුණ ද විදේශිකයාට වෙඩි තැබීමට වෙනත් අවියක් පාවිච්චි
කරන්නට ඇතැයි සැකයක් ද පවති.

ඝාතකයන් හදුනාගෙන ඇති බවත් ඔවුන් පැමිණි වාහනයක් සහ එහි හිමිකරු විතාරන්දෙනියේ දී අත් අඩංගුවට  ගත් බවත් පොලිසිය කියයි මේ ඝාතනයෙන් පසු එහි සිටි සංචාරකයෝ ඉවත්ව ගියහ.









Source : Lankadeepa