Friday, December 23, 2011

නවක වදෙන් සිසුවියට අමාරුයි.

රුහුණු සරසවියේ අවන්හලකදී නවක වදයට ලක්වූ බව කියන පළමු වසරේ සිසුවියක තුනිටියේ දැඩි තුවාල සහිතව මාතර රෝහලට ඇතුළු කරනු ලැබීය. බලපිටිය වැල්ලවත්තේ වත්සලා කුමුදුනීද සිල්වා (21) ඇයයි.මහනුවර බුවැලිකඩදී යුදහමුදා කඳවුරේ නායකත්ව පුහුණු ඇබෑසියේදීද ඇය තුවාල ලැබුවාය. දෙටු සිසුන් සියයක් පමණ තමා තෙරැපූ බවත් සිහිනැතුව ඇද වැටුණු බවත් සිහිය ආවේ රෝහලේදී බවත් ඇය කියා ඇත
 උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා විශේෂ ගිලන් රියක් මාතරට යවා සිසුවිය මාතර සිට අද කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබිය.
මීට සම්බන්ධ කිසිවකුට සමාවක් නොලැබෙන බව ඇමැති කීවේය. නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක පැවසුවේ නවක වදය දුන් බව කියන කිහිප දෙනකුගේ තොරතුරු ලැබී ඇති බවයි.





Source :- Lankadeepa