Monday, December 26, 2011

දරුවා බේරා ගැනීමට ගිය පියා සහ මව මිය යයි



මතුරට, ඔකඳගල පාලම අසල පිහිටි නිවසක පදිංචිව සිටි එකම පවුලේ පියා, මව සහ සිඟිති දරුවා රිළවුන් පළවා හැරීමට යෙදූ අනවසර විදුලි රැහැනකින් විදුලිසර වැදී මරුමුවට පත්වී තිබේ.

මෙලෙස මියගොස්‌ ඇත්තේ පියාවන රාජපක්‍ෂගෙදර ජයන්ත විඡේසුන්දර (44), මව වන තුන්පැලේගෙදර දයාවතී ජයසිංහ (33) සහ රාජපක්‍ෂගෙදර අයේෂ් දිල්ෂාන් විඡේසුන්දර (3) යන තිදනොයි.

වඳුරු රැළක්‌ ප්‍රදේශයේ සැරි සරමින් වගා විනාශ කිරීම නිසා මියගිය පියා නිවස වටා අනවසර විදුලි රැහැනක්‌ යොදා තිබේ. මෙම සිද්ධිය වූ රාත්‍රී සිඟිති පුත්‍රයා මෙම අනවසර විදුලි රැහැන ඇල්ලීමට යැමේදී පළමුව දරුවාට විදුලිසර වැදී තිබේ. දරුවා බේරා ගැනීමට පියා සහ මව උත්සාහ දැරූ අවස්‌ථාවේ ඔවුන් දෙදෙනාටද විදුලිසර වැදී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය ආරංචිවීමත් සමඟ මතුරට පොලිසිය සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මතුරට, ඔකඳගල, ප්‍රදේශවාසීහු මේ සිද්ධියෙන් දැඩි කම්පාවට පත්වී සිටිති.




Source : - Divaina