Tuesday, February 21, 2012

බඩ හිල් කරගෙන එළියෙන් මතුවූ අඩි 6 ලී රීප්පය ඉවත්කිරීමේ සැත්කම සාර්ථකයි







 
අඩි 6 ක් දිග ලී රීප්පයක් පුද්ගලයෙකුගේ බඩක් පසාරු කරගෙන එළියට ගිය බරපතල අනතුරක් පසුගියදා මාවනැල්ලෙන් වාර්තා වුණා’ වෛද්‍යවරුන්ගේ දක්ෂකම නිසා මෙම පුද්ගලයාට ජීවිත හානියක් නොවී ලී රීප්පය ඉවත්කිරීමේ සැත්කම කර තිබුනේ මාවනැල්ල මූලික රෝහලේදීය’
හෙම්මාතගම පිහිටි ලී මෝලක වසර 7ත් තිස්සේ වැඩකරන දිසානායක නම් 51 හැවිරිදි මේ වඩු කාර්මිකයා ආධුනිකයෙකුගේ සහය ඇතිව ලී ඉරන යන්ත්‍රයෙන් ලී ඉරමින් සිටින අතරදී ලීයක් ගිලිහී යැම නිසා මෙම බිහිසුණු අනතුරට මුහුණපා තිඛෙනවා’

උදර කුහරය පසාරු කරගෙන මතු වූ අඩි හයක් පමණ දිග ලී රීප්පයත් අතින් අල්ලාගෙන
කෑමොර දෙද්දී ලී මෝලේ පිරිස කවරක් කරන්නදැයි සිතාගත නොහැකිව හෙම්මාතගම රෝහලට කතා කර තිඛෙනවා’ වෛද්‍ය නිලධාරී කේ. එම්. ගමගේ ඔවුන්ගෙන් ලෙඩාගේ තත්වය විමසා ගිලන් රථයක් ඉක්මණින්නම එවා තිඛෙන අතර ලෙඩා මාවනැල්ල රෝහලට රැගෙන යන ලෙසත් ලීය මදක් හො නොසොල්වා ඔහුව රැගෙන එන ලෙසත් උපදෙස්දී තිඛෙනවා’

විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිශාන්ත විඡේනායක හල්පේගමගේ මේ රෝගියා පිළිබඳ ආරංචිය ලද සැණින් ක්‍රියාත්මකවී මාවනල්ල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය සූදානම් කර තිබුණා’

කෙසේ වෙතත් ගිලන් රථයෙන් රෝගියා ගෙන ආ පසු ඔහුව ඇතුළට ගන්නට අපහසු බව පෙනී ගියේ අඩි 6 ක් දිග ලීය සමග දැඩි සත්කාර ඒකකය තුළට පුද්ගලයෙකු රැගෙන එන්නට අපහසු නිසයි’ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි දිසානායක මහතා වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර වාට්ටුවෙන් පිටතදී ලබාදී ලේ සාම්පල් ලබාගෙන පරීක්ෂා කර ශල්‍යකර්මයට අවශ්‍ය මූලික කටයුතු සිදුකර ලී ඉරන අත් කියතක් ගෙන ලීය කපා ඉවත් කර ඔහුව ඇතුළට රැගෙන ගොස් තිඛෙනවා’

විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිශාන්ත විඡේනායක හල්පේගමගේ මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදුකිරීම සඳහා වෛද්‍ය කෝසල ගුණසේකර මහතා, නිර්වින්දන ශල්‍ය විශේෂඥ ඉඳුනිල් මහතා, නිර්වින්දන වෛද්‍ය අශෝක මහතා මෙන්ම හෙද කාර්ය මණ්ඩලය කනිෂ්ඨ කාර්ය මණ්ඩලය උදව් කර ගෙන තිඛෙනවා’

ශල්‍ය කර්මයෙන් අනතුරුව දිසානායක මහතා මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිඛෙනවා’
ඔහු තමන්ට පිහිටවූ දෙවිවරුන් වන් වෛද්‍යවරුන්ට දැන් පින් දෙනවා’

මෙවැනි බිහිසුණු අනතු
රක් සිදු වූ විට ලීය හෝ යකඩය ඉවත් නොකර තුවාලකරුට කන්න බොන්න කිසිවක් නොදී ළගම තියන රෝහලට රැගෙන යා යුත්තේ ඇනුණ උල බුරුල් වීම මත ලේ වහනය වෙන්නට හැකි බැවින් බවත් මිනිසෙකුගේ ඇෙ`ග් තිඛෙන්නේ ලේ ලීටර් පහකට ටිකක් වැඩි ප්‍රමාණයක් නිසා ලේ වහනය අවම කර ගැනීම අවශ්‍ය බවත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිශාන්ත විඡේනායක හල්පේගමගේ සාර්ථකවූ ශල්‍යකර්මයෙන් අනතුරුව ප්‍රකාශ කළා’









Source : Gossiplankanews