ජනපති දිවුරූම් දීම රටට හිතකර වන අන්දම ප‍්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මෙවර ඉරිදා සිළුමිණ පුවත්පතට හෙළිකර තිබුනේය. ඉන් කොටස් කිහිපයක් මෙසේය.
ජනාධිපතිතුමා දෙවැනි ධුර කාලය ආරම්භ කරද්දී ලංකා කේන්ද්‍රයේ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානයේ රුචක නම් පංච මහා පුරුෂ යෝගය උදා වෙනවා.ඒ තමා ග‍්‍රහලොව අති ප‍්‍රබලම යෝගය. මීට සමාන හෝ මීට වඩා ප‍්‍රබල වෙන කිසිම ග‍්‍රහ යෝගයක් නෑ.
2009 සිට 2010 දක්වා කාලයේදී දින 168 කින් ශ‍්‍රී ලංකාව ලෝක ආර්ථිකයේ පියවර නවයකින් ඉදිරියට ආවා. අද ශ‍්‍රී ලංකාව පසුවන්නේ මහා චීනයට එක් පියවරක් පමණක් පසුපසින්. ඉන්දියාව පසුවන්නේ පියවර 29 ක් පිටුපසින්. ශ‍්‍රී ලංකාවේ සමෘද්ධිය කෙතරම්ද යන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවැනිවර දිවුරුම් දීමටත් පෙර පෙන්නුම් කළා.
බලන්න එතුමා අද ලෝක නායකයන් අතර එක පෙළට සිට ගන්නා ලෝකය පිළිගත් අනුහස් නායකයෙක්. මාලදිවයින, නේපාලය වැනි රටවල අභ්‍යන්තර දේශපාලන ගැටුම් නිරාකරණය කිරීමට පවා අද ඇරියුම් ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි.
මේ අනුහස් ඇති රාජ්‍ය නායකයාට මහා අනුහස් ඇති ග‍්‍රහචාරයක් මැද ඉදිරියේදී රටේ හා ජනතාවගේ වාසනාව පුදුමාකාර විදිහට වැඩි කරන්න පටන් ගන්නේ මේ විදියටයි
1) රටේ බොහෝ ප‍්‍රදේශවල මැණික් ඉල්ලම් මතු වෙනවා.
2) ආහාර අතින් ශ‍්‍රී ලංකාවට ස්වයංපෝෂිත වෙනවා
3) ආහාර හා කෘෂි ද්‍රව්‍යවල මිල පහත වැටෙනවා
4) රාජ්‍ය නායකයාගේ පින්බර හා ප‍්‍රඥාවන්ත කල්පනාවත් මුළු රටේම ආධ්‍යාත්මික හා සංස්කෘතික ප‍්‍රබෝධයකට මුල පුරනවා
5) තාක්ෂණික හා භෞතික දියුණුව අතින් අනාගත ශ‍්‍රී ලංකාව ගැන හිතා ගන්නවත් බැරි තත්ත්වෙකට පත් වෙනවා
6) ශ‍්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ලෝකයේ ඉතා ප‍්‍රබල තැනකට පත්වෙනවා
7) ශ‍්‍රී ලංකාව අමතක කරලා, කොන් කරලා ගමනක් යන්න බැරි බව තේරුම් ගන්නා විදේශ බලවේග ශ‍්‍රී ලංකාව සම මිත‍්‍රත්වයෙන් පවතින්නට උත්සාහ දරනවා
8)ඉදිරියට දසරාජ ධර්මයෙන් රට පාලනය කරන කාලපරිච්ඡදයක් දකින්න ලැබෙනවා
source:Gossip Lanka News