Saturday, November 20, 2010

ඊපීඑෆ් හා ඊටීඑෆ් අරමුදල

රජයට හිමිවන ජනතා තිළිණයක් වන හැඩ
රජයේ සේවකයින්ට විශ‍්‍රාම වැටුප මෙන් පුද්ගලික අංශයට අනාගත සුරක්ෂිතතාවයට පවතින එකම සහනය වන ඊපීඑෆ් හා ඊටීඑෆ් අරමුදල් සම්බන්ධ වෙනසක් ළඟදීම සිදුවන්නට නියමිතය


රජය මගින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත ඊපීඑෆ් හා ඊටීඑෆ් අරමුදල් සම්බන්ධ සංශෝධන මගින් එම අරමුදල් සතු රුපියල් බිලියන 850 ක මහජන මුදල් රජයේ කටයුතු සඳහා සෘජුවම පරිහරණය කිරීමට යෝජිතය.මින් ඉහත පැවති නීතිය වූයේ ආයෝජිත ලාභය පමණක් රජය පරිහරණය කිරීමකි.
නව සංශෝධන මගින් මෙතෙක් කල් පුද්ගලික අංශයේ සේවකයෙකුට වසර 5 කට පසු ලබාගත හැකිව තිබුණ ඊටීඑෆ් පොලිය වසර 10 කට පසු පමණක් ලබා ගත හැකිවන ලෙස වෙනස් කිරීමටද යෝජිතය.

මේ අනුව මෙකී සංශෝධන අනුව පුද්ගලික අංශයේ සේවක වැටුපින් මාස්පතා කපාගන්නා මුදල් ඒ ඒ අයගේ අනාගත ප‍්‍රතිලාභය පිණිස සුරක්ෂිත වනවා වෙනුවට රජයට තිළිණ කරන ආධාර මුදලක ස්වරූපයක් ගන්නා බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.
තවමත් ක‍්‍රියාවට නංවා නැති මෙම කටයුත්ත සිදුකිරීමට එරෙහිව ඔවුන් දිවයින පුරා උද්ඝෝෂණද සූදානම් කරන්නටද සැරසේ.

source:Gossiplanka News