Tuesday, November 16, 2010

ජව්පෙ පාර්ලිමේන්තු මන්ති‍්‍රට යාපනයේදි ප‍්‍රහාර


සුනිල් හඳුන්නෙත්තිට යාපනයේදී ප‍්‍රහාර
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු පිරිසකට ඊයේ යාපනය හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්මි” චිදම්බරනාදන් මහත්මියගේ නිවසේදී  සිංහලයින් පිරිසක් පහරදීම නිසා මන්ත‍්‍රීවරයාගේ හිසට තුවාල සිදුව ඇත.
යාපනය නගරයේ අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අත්සන් තැබීමේ විරෝධතාවට සහභාගීවීම සදහා හදුන්නෙත්ති මන්ත‍්‍රීවරයා ඊයේ පස්වරුවේ යාපනය නගරය වෙත ගොස් සිටි අතර සිද්ධියෙන් මාධ්‍යවේදී ප‍්‍රියන්ත ලියනගේ මහතාගේ හිසට සහ ලලිත් කුමාර් මහතාගේ හිසටද තුවාල සිදුව ඇත. එමෙන්ම හදුන්නෙත්ති මන්ත‍්‍රීවරයා පැමිණි රථයටද හානි සිදුව තිබේ.

 source:Lankatruth.com