ගුටි කාපු තලාගත්තු නැති තැනක් මේ ශරීර කූඩුවේ නෑ
-නිල්මිණි පැවති විවාහ ප්‍රශ්න හෙළි කරයි
ප්‍රකට ගායක මදු මාධව අරවින්ද හා ටෙලි නාට්‍ය නිළි නිල්මිණි තෙන්නකෝන් අතර පැවති විවාහය ගැන මෙන්ම ඔවුන් දෙදෙනගේ වෙන්වීම ගැන ආරංචිය දැන් බොහෝ දෙනෙකුට රහසක් නොවේ. නමුත් මෙම විවාහය බිඳ වැටුනේ ඇයිද යන්න නිල්මිණි එළි පිට හෙළි කළ අවස්ථා විරලය. ඊයේ (14) ඉරිදා රිවිර පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින් නිල්මිණි මෙම බිඳ වැටීමට හේතුව මදුගේ බීමත්කම නිසා හටගත් ආරවුල් යයි හෙළි කර තිබෙන්නේ හැඟුම් බර ලෙසිනි. එම සාකච්ඡාවෙන් උපුටාගත් කොටස් කිහිපයක් පහත පළවේ.
විවාහයෙන් නිල්මිණිට ආදරය ලැබුනෙ නැද්ද?
නැහැ මම ප්‍රාර්ථනය කරපු ආදරය මට ලැබුනෙ නැහැ.
අපි සතුටින් හිටියෙ ටික කාලයයි.අපි විවාහ වෙලා ආදරයෙන් ජීවත් වෙන කොට පිටස්තර අයට අපේ සතුට දිහා බලා ඉන්න බැරි වුණා.ඒ ගොල්ලො ඊර්ෂ්‍යා කළා ප්රශ්නවල ආරම්භය එතැනයි.
පිටස්තර අය නිල්මිණිගෙ විවාහයට ඇති කළ ප්‍රශ්න මොනවද?
ඒ අය ක්‍රියාත්මක වුනේ හරිම කපටි විදිහටයි. පිරිමියෙක් මත්පැන්වලට හුරු කරගන්නව කියන්නේ ඒ පවුල එතැනින් විනාශ වෙනව කියන එකයි. මත්පැන් වලට ගිජු වුණ පිරිමි බීල ඇවිත් ගෑනුන්ට හිංසා කරනවා.
මහත්තය හවසට ගෙදර දකින්න අපි ආසයි. උදේට එයාව බලලා ගෙදරින් පිටවෙන්න අපි ආසයි. අපේ ගෙදර එහෙම වුනේ නැහැ. පොඩි එකාගෙ යුතුකම් සේරම මගේ පිට පැවරුණා. මම ආදරය නිසා හරියට ගුටි කාපු කෙනෙක්. කියන්න හරි දුකයි..ගුටි කාපු තලාගත්තු නැති තැනක් මේ ශරීර කූඩුවේ නෑ. මට ඒ හින්ද ඔය ගැන දෙවරක් හිතන්න සිද්ධ වුණා.
වෙන් වෙන්න තීරණය කළේ නිල්මිණිද?
මගෙ දෙමව්පියො අතපය නොකඩා මාව උස්මහත් කළේ කාගෙන්වත් ගුටි කන්න නෙමෙයි. දවසම මත්වෙලා ඉන්න පිරිමියෙක් එක්ක රණ්ඩු වෙවී ගුටි කකා ඉන්නවද නැත්නම් දරුවත් එක්ක වෙන් වෙනවද කියන ප්‍රශ්නයට මම ආවා.දැනුණ එකම දේ මෙතැනින් මම වහාම ඉවත් විය යුතුයි කියන එකයි.
දැන් මගේ අරමුණ චූටි දුව තමයි. දරුවට ආදරේ අඩුවක් දැනෙන්න මම ඉඩක් තියන්නෙ නෑ..

source:Gossip lanka news