Tuesday, November 16, 2010

තහනම් කරවූ වීඩියෝව

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපයට හානි වන ලෙස යුද්ධයේ අවසන් කාලයේ සිදුවූ බව කියමින් වැරදි දර්ශන රූපවාහිනියේ ප‍්‍රචාරය කළ අල්ජසීරා රූපවාහිනී නාලිකාවට එරෙහිව රජය පසුගිය සතියේ චෝදනා නිවේදනය කළ අතර අද වාර්තා වන්නේ ලංකාව අල්ජසිරා මාධ්‍යවේදීන්ට තහනමි කලාපයක් කළ බවය.මින් ඉහත චැනල් 4 නාලිකාව සම්බන්ධයෙන්ද රජය මෙලෙස කටයුතු කළේය.
කෙසේ වෙතත් ජනපති දෙවන වර දිවුරුම්දීම වාර්තා කිරීම සඳහා ලබන සතියේ මෙහි පැමිණෙන අල්ජසීරා මාධ්‍යවේදීන් තිදෙනෙකුට ජනපති නියමයෙන් වීසා ලබාදීමට අද දහවල් තීරණයක් ගෙන තිබිණි.
මේ අනුව ජාත්‍යන්තර තලයේ සුප‍්‍රකට මාධ්‍ය ආයතනයක් වන අල්ජසීරා මාධ්‍යවේදීන්ට ඉදිරියට ලංකාවට ඒමට වීසා නොලැබෙන තත්වයක් දැන් මතුව තිබේ.
මෙම විවාදයට ලක්වූ වීඩියෝව අල්ජසීරා නාලිකාවේ පසුගිය සතියේ විකාශය වූයේ පහත පරිදිය.


 (මෙම උපුටා ගැනීම යූ ටියුබ්හි අල්ජසීරා වීඩියෝ එකතුවෙනි.)