Thursday, November 11, 2010

බොඳමීදුම් උදාරිට සිර දඬුවම්

 කොළඹ ඔඩෙල් ඇඳුම් සාප්පුවෙන් රුපියල් 17500ක් වටිනා කාන්තා නිමි ඇඳුම් සොරා ගැනීම හා ළඟ තබා ගැනීමේ චෝදනාවට අද(නොවැ8) වැරැදිකාරිය වූ උදාරි චාමිකා වර්ණකුලසූරිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා මාස හය බැගින් වූ සිරදඬුවම් දෙකක් නියම කැර එය වසරකට අත්හිටවූයේය.
ඇය සොරාගත් එම රෙදි එම සාප්පුවටම බාර දී ඇත. ඇය වරද පිළිගත්තාය.
පසුගිය සැප්තැම්බර් 26 වැනි දා උදාරි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ කුරුඳුවත්ත පොලිසිය කළ පැමිණිල්ලක් නිසාය.
අත්හිටවූ සිර දඬුවම යන්නේ අර්ථය නම් මෙම නියමය අනුව ඇය එකවර බන්ධනාගාර ගත කෙරෙන්නේ නැති අතර මෙම වසරක කාලය තුළ කිසියම් හේතුවකට ඇය උසාවි දඬුවමකට යටත් වුවහොත් මෙකී සිර දඬුවම ඇයට ක‍්‍රියාත්මක වීමකි.

source
: Gossip Lanka News