Friday, December 17, 2010

සිනමා අධ්‍යක්ෂ සෝමරත්නට රෝයල් ප‍්‍රහාරයක්

 ඉරිදා උදයේ කොළඹ රාජකීය විද්‍යාලයේ උත්සවයක් සඳහා එහි ගිය සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකට මැර තර්ජනයකට ලක්වන්නට සිදුව තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පුතකු යයි හඳුන්වාගත් පුද්ගලයෙකු තමාට තර්ජනය කළ බව සෝමරත්න මහතා කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලේ සටහන්ය.
තමා එම උත්සවය සඳහා සහභාගීවීමට බිරිඳ සමග විදුහල් භූමියට ඇතුළුවන්නට තැත් කරද්දී වාහනයේ ඇතුළුවීමේ අවසරය පිළිබඳ ප‍්‍රශ්න මතු කරමින් ඇතුළුවන්නට ඉඩ නොදෙමින් මුර කුටියේ ආරක්ෂකයින් ප‍්‍රශ්නයක් මතු කළ බවත්, එම අවස්ථාවේ තමා කවුදැයි හඳුන්වා දෙමින් ඔවුන්ට කරුණු පැහැදිලි කරමින් සිටින අතරතුර එතැනට ආ හැඩි දැඩි පුද්ගලයෙකු තමාට පරුෂ වචනයෙන් බැණ වැදී කමිසයෙන් ඇද පහර දුන් බවත් ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පුතකු යයි කියා තිබුණ බවත් දැක්වේ.
මෙයින් අනතුරුව වාහනය ඇතුළු කර උත්සවයට සහභාගී වුණ නමුත් නැවත වාහනය ළඟට එන විට දක්නට ලැබුනේ වාහනයේ පැති කණ්නාඩි කඩා දමා ඇති ආකාරයත් වාහනයේ තැන් තැන්වල තීන්තෙන් අසභ්‍ය වචන ලියා ඇති ආකාරයත් බව සෝමරත්න මහතා පොලිසියට කියා තිබේ.
පරීක්ෂණ පවත්වන පොලිසිය කියන්නේ මෙම සිසුවා දැන් අතුරුදහන්ව ඇති බවකි.
මේ අතර මෙම ගැටලූව පිළිබඳ අදහස් පළ කරන රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා කියා සිටින්නේ මේ ගැටලූව විදුහලේ සිසුවකුගේ පියකු හා සෝමරත්න මහතා අතර ආරවුලක ප‍්‍රතිඵලයක් බැවින් මේ සඳහා විදුහලේ වගකීමක් නැති බවය. සෝමරත්න මහතා එදා පැමිණ ඇත්තේ එම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගීවීමටය.