ඔඩෙල් අය මට හිරිහැර කළා - උදාරිගෙන් චෝදනා
ඔඩෙල් සාප්පුවෙන් රෙදි සොරකම් කර හසුවී අධිකරණයෙන් වැරදිකාරියක වී දැනට අත්හිටවූ සිර දඩුවම් ලබා සිටින ටෙලි නාට්‍ය නිළි උදාරි චාමිකා වර්ණකුලසූරිය සිය නීතිඥයින් මාර්ගයෙන් ඊයේ අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ, තමා සොරකම කළ අවස්ථාවේ තමන්ට පහරදී දණගස්වා තමන්ට ඔඩෙල් සේවකයන්ගෙන් වූ හිරිහැර ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසයි. මෙකී අවස්ථාවේ ඇගේ ඡායාරූප ලබාගත් බවත් ඒවා ගොසිප් ලංකා නිවුස් වෙබ් අඩවියේ පළ කර තිබෙන බවත් උදාරි අධිකරණයට පවසා ඇත.මෙයට කන් දුන් අධිකරණය මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන්නැයි රහස් පොලිසියට ඊයේ නියෝග කළේය.
