මේ වගේ ලැජ්ජාවන් ඉවසන්න බෑ- මං ආයෙත් එනවා-සුසන්තිකා
දැනට සිය මළල ක‍්‍රීඩා දිවියෙන් සමුගෙන සිටින සුසන්තිකා ජයසිංහ යළිත් ලංකාව වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.ලංකාව අන්තර්ජාතික ක‍්‍රීඩා තරගවලින් දිගින් දිගටම පරාජයවීම ඉවසීමට අපහසු බව ඇය ඊයේ මාධ්‍ය අමතමින් පැවසුවා.
‘ආසියානු තරගවලට එකසිය එකක් ගිහිල්ලත් අපට එකම පදක්කමක්වත් ගන්න බැරි වුණා. ඒ ගැන හරිම කණගාටුයි.පොදු රජ්‍ය මණ්ඩල තරගවලත් රන් පදක්කම ගත්තු එකම කෙනාට තහනම් උත්තේජක චෝදනා ඇවිල්ල. මේවා මේ විදිහට සිද්ධවෙද්දී මට නිකම් ගෙදරට වෙලා බලා ඉන්න බෑ. මේ වෙලාවේ ඉදිරියට ඇවිල්ලා කරන්න පුළුවන් දේ කරන එක මගේ යුතුකමක් වගේම වගකීමක්’
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහත්වරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඒ පිළිබඳ තීරණය ප‍්‍රකාශයට පත්කරන බව සුසන්තිකා වැඩිදුරටත් කියා තිබුණා. පසුගිය මහමැතිවරණයට එජනිසෙන් කෑගල්ලට තරග කළ සුසන්තිකාට පාර්ලිමේන්තුවට එන්නට තරම් ප‍්‍රමාණවත් ඡන්ද හිමිවූයේ නැත.