Friday, December 17, 2010

ඔබ මා ඇමතුවොත් මං එතැන ඇති-මර්වින් සිල්වා



මහජනතාවට පීඩාවට පත්වන කිසියම් කටයුත්තක් සිදුවනවා නම්
මර්වින් සිල්වා අමතන්න

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා සිය අමාත්‍යංශයේ වැඩ බාරගැනීමෙන් පසු කැලණිය වැඳ පුදා ගත් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මෙසේ කියා සිටියේය.


මට ලැබුනේ ලංකාවේ තිබෙන අමුතුම අමාත්‍යංශයක්.මෙය ජනතාව සඳහාම වැඩ කරන පුළුල් විෂයක්.

කොහේ හරි මහජනතාවට පීඩාවට පත්වන කිසියම් කටයුත්තක් සිදුවනවා නම් මර්වින් සිල්වා අමතන්න...

ජනතාව වෙනුවෙන් නොබියව මා පෙනී සිටිනවා. මගේ ළඟ බඹරු නැහැ දෙබරු නැහැ..සීගිරි ගල වගේ නොසැලී රට සංවර්ධනයට වැඩ කරනවා..මා ළඟ වෙට්ට පිත්තලයො සමාජ දුෂකයො නැහැ..

මා ඇරුණාම ඉතිහාසයේම කැලණියෙන් කැබිනට් ඇමතිවරුන් බිහි වෙලා තියෙන්නේ සිරිල් මැතිව්, ආර් එස් පෙරේරා යන අය පමණයි.

ජනාධිපතිතුමා මා ගැන දැඩි විශ්වාසයක් තියන හින්දයි මේ අමාත්‍යංශය මට භාර දුන්නේ..

මට කතා කරන්න....ඔබ මා ඇමතුවොත් මං එතැන ඇති..