Friday, December 17, 2010

දික්වැල්ල ගැහැණු සැමියා


 පිරිමි වෙස්ගෙන සිටි කාන්තාවන් පිළිබඳ ලංකාවෙන් මින් ඉහත වාර්තාවූ අවස්ථා කිහිපයක්ම තිබේ. අශෝක හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටයටද විෂය වූයේ මෙවැන්නකි.සොරකමක් සම්බන්ධයෙන් සැකපිට නාරම්මල පොලිසිය අත්අඩංගුවට ගත් තිස්දෙහැවිරිදි පුද්ගලයෙකුට කාන්තා නමක් සහ කටහ`ඩක් තිබීම නිසා අධිකරණයෙන් මොහුගේ ස්ත‍්‍රී පුරුෂභාවය විමසන්නට උවමනා වූ අතර මේ පිළිබඳ කළ සොයා බැලීම නිසා ඔහු පිරිමියෙකු නොව කාන්තාවක බවත් විවාහයක් කරගත්තෙකු බවත් හෙළි විය. මේ අනුව ඇයට එරෙහිව තවත් නඩුවක් දැන් වැටී ඇත.ඒ ඇය විසිතුන් හැවිරිදි තරුණියක විවාහ කරගැනීමය.
දික්වැල්ලේ සාරංග වනිගසිංහ යන ව්‍යාජ පිරිමි නමකින් පෙනී සිටි මේ තැනැත්තිය මාස 10ක් තිස්සේ මාතර ගන්දරාවත්තේ තරුණියක හා විවාහ සිටි නමුත් ඇය ගැහැණියක බව ඇගෙන්ද වසන් කරගෙන තිබෙන්නේ පුදුම සහගත ලෙසය. මෙම අනපේක්ෂිත හෙළිදරව්වට දින කිහිපයකට පෙර බීමත්ව නිවසට ආ සැමියාගේ ඇඳුම් ගලවා සරමක් අන්දවන්නට සිදුවූ බවත් එම අවස්ථාව වනතුරු තම සැමියා පිරිමියෙකු ලෙස සිතා සිටි බවත් භාරියාව අධිකරණයට කියා ඇත.
අධිකරණ ඉල්ලීමට ඇයගේ ස්ත‍්‍රී පුරුෂ බව විමසනු ලැබූයේ මාතර අධිකරණ වෛද්‍යවරයාය. එම වාර්තාව අනුව ඇය ස්ත‍්‍රියක බව තහවුරු විය. පොලිසිය කළ සොයා බැලීමේදී ඇගේ සත්‍ය නම නිරෝෂා ප‍්‍රියංගනී බවත් පදිංචිය දික්වැල්ලේ බවත් හෙළිදරව් විය.
කෙසේ වෙතත් ඊයේ ඇයට අධිකරණයෙන් ඇප නියම කළත් ඇය වෙනුවෙන් කිසිවකු ඉදිරිපත් නොවීමෙන් යළි රිමාන්ඞ් භාරයට යාමට ඇයට සිදුවූ බවද වාර්තාවේ.