
මරා දැමූ ව්‍යාපාරික පියාගේ 22 හැවිරිදි වැඩිමල් දියණිය සමග පෙම් සබඳතාවක් ඇති කර ගැනීමට උත්සාහ දරා ඇත්තේ ව්‍යාපාරිකයාගේ දෙවැනි බිරියගේ නැගණියගේ 18 හැවිරිදි පුතාය.
එම උත්සාහයට මියගිය තැනැත්තාද තදින් විරුද්ධව සිටි බවත් බලෙන් පැහැරගෙන යාමේ සිද්ධිය ඊට පසු ක්‍රියාත්මක වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලට අනාවරණය වෙමින් පවතී.
සිද්ධිය වූ ඊයේ උදයේ ව්‍යාපාරිකයාගේ කාමරයට රිංගූ නාඳුනන තිදෙනෙකු ඔහුගේ ගෙල ලණුවකින් සිරකරද්දී කෑගැසීම් හඬ ඇසුණ බවත් එම අවස්ථාවේ දියණියන් දෙදෙන මන්නා ආයුධ ඇතිව පැමිණ අය සොරුන් යයි සිතා බියවී ඔවුන්ගේ කාමරයේ සැඟවුණ බවත් වාර්තා වන අතර පසුව එම තිදෙන මොවුන් වෙත පැමිණ බලහත්කාරයෙන් කැටුව ගිය බවත් අනතුරුව හන්දියේ නවතා තිබූ ත්රීවීලරයකින් රැගෙන ගිය බවත් කියැවෙන අතර ත්‍රිවීල් රියැදුරු මෙතැන පැහැරගැනීමක් වන බවට සැක සිතී පෙට්‍රල් ඉවරවිණැයි බොරුවක් කියා පෙට්‍රල් ෂෙඞ් එකක නැවැත්වූ බවත් එහි සිටි සේවකයින්ට මෙය පැහැරගැනීමක් බවට පවසන්නට මේ නිසා අවස්ථාව උදාවිනැයි වාර්තාවේ. පසුව පොලිසිය ෂෙඞ් එකට පැමිණ තරුණියන් බේරාගෙන ඇත.
කිසිදු පූර්ව සැලසුමකින් මෙම පැහැරගැනීම කර ඇති බව පෙනී යන්නේ නැත.
මිය ගිය තැනැත්තා විවාහ දෙකක් කරගත්තෙකු බවත් පැහැරගැනීමට ලක්වූයේ ප්‍රථම විවාහයේ දැරියන් බවත් කියැවෙන අතර එකම නිවසේ කොටස් දෙකක මෙම දැරියන් හා දෙවන බිරිය සමග පියා වාසය කළ බවත් කියැවේ.
සැකකරුවන් දැනට පළාගොස් තිබෙන අතර පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.
මෙම සිද්ධියේ සිරස වීඩියෝ වාර්තාව බලන්න