Friday, December 17, 2010

වික‍්‍රමබාහු දිවයිනට-වෙනඅය පහරකෑමකට

 ආන්දෝලනයට තුඩුදුන් කොටි මහවිරුදින ආරාධිත දේශනය ලන්ඩනයේදී සිදු කළ ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න ඊයේ රාත‍්‍රියේ යළි දිවයිනට පැමිණි අවස්ථාවේ කිසියම් පිරිසක් ගුවන්තොටුපළේදී ඔහුට පහරදෙන්නට සැලසුම්කරගෙන සිටි නමුත් වික‍්‍රමබාහු පිළිගැනීමට එහි ගොස් සිටි නසසප පාක්ෂිකයින් ඔහුව ඉක්මණින් වාහනයක නංවා පිටත් කළ නිසා එය වැළකී ගියේය. එහෙත් එම පාක්ෂිකයින් මෙන්ම මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අනපේක්ෂිත පහරකෑමකට ලක්ව තිබේ.
ගුවන් තොටුපළට මාධ්‍යවේදීන් කැටුව ආ වෑන් රථයට යකඩ පොලූ හා පොරෝ පහර එල්ල කිරීම නිසා වීදුරු සියල්ල බිඳී ගිය බවත් රියැදුරු එම අවස්ථාවේ වේගයෙන් ධාවනය කළ නිසා අනතුර අවම කරගත හැකිවූ බවත් වාර්තාවේ.
මෙසේ පහරදුන් දහදෙනෙකුගේ පමණ පිරිස අතර සිටියේ ගුවන් තොටුපළ සේවකයින් හා ටැක්සි රියැදුරන් බවද වාර්තාවන අතර ඔවුන් එතැනට වෙනත් ස්ථානයක සිට පැමිණ ඇත්තේ ගුවන් තොටුපළටම අයත් කැබ්රථ වලින් බවද පැවසේ.
මෙම සිද්ධිය පසුපස සිටින්නේ නියොජ්‍ය ඇමතිවරයෙකුගේ පිරිසක් යයි වික‍්‍රමබාහු රත‍්‍රියේ මාධ්‍ය අමතා පවසා සිටියේය.
මෙවැනි වැඩ පසුපස සිටිය හැකි තැනැත්තා නම් දැන් ඇමතිවරයෙකි. වික‍්‍රමබාහුට වැරදුණාද?