Friday, December 31, 2010

ගේ‍්‍රෂන් පුතුගෙන් පියාට ගීතයක්



අප අතරින් සමුගත් ගේ‍්‍රෂන් ආනන්ද ගායකයාණන් මියයන්නට ප‍්‍රථමයෙන් ඔහුගේ පුත් මාරියෝ ආනන්ද අබේකෝන් සිය පියා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළේය.නමුත් ඔහු එය ගායනය කර අවසන් වන විට පියා මෙලොව අතැර ගොසිණි.
ගේ‍්‍රෂන්ගේ අපූර්ව හඬ හෙට දිනයේ මැකෙන්නට ඉඩ නොතබන්නට මාරියෝට හැකිවේ යයි අප විශ්වාස කරමු.ඔහුට එම ගීතය නිර්මාණයට සහය දුන්නේ සරිත් සේනාධීරයි.

පියා වෙනුවෙන් මාරියෝ ගැයූ එම අනුවේදනීය ගීතය පහතින් ශ‍්‍රවණය කරන්න.



ගිටාර් මිතුරාත් ගේ‍්‍රෂන් ළඟ
ගේ‍්‍රෂන් ආනන්ද ගායකයාණන්ගේ දේහයේ අවසන් කටයුතු අද සිදු කළ අතර ගේ‍්‍රෂන් දේහය දැක බලා ගන්නට අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැමිණි අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.අනෙක් ඡායාරූපවල ඔහුගේ පවුලේ අය දැක්වෙන අතර ගේ‍්‍රෂන්ගේ ළඟම මිතුරා වූ ගිටාරයද ඔහුගේ දේහය අසළ ඔහුදෙස බලා සිටි අයුරු එක් ඡායාරූපයක දැක්වේ.