Thursday, December 16, 2010

ටෙලිනාට්‍ය නිලි චමල්ෂාගෙ විවාහය



 චමල්ෂා යුග දිවියට
ප‍්‍රකට ටෙලි නාට්‍ය නිළි චමල්ෂා දෙව්මිණි තව සති දෙකකින් විවාහ දිවියට පිවිසීමට නියමිතයි. ඇය අතගන්නා මනාලයා දැනට විදේශගතව අධ්‍යාපනය හදාරමින් සිටින කලාවට සම්බන්ධයක් නැති අයෙකු බව ගොසිප් ලංකා වෙත වාර්තා වෙනවා.

කලාවෙන් සමුගනී
විවාහයෙන් අනතුරුව සියලූම කලා කටයුතුවලින් සමුගන්නා බව ඇය දැනටමත් ප‍්‍රකාශ කර තිබෙනවා.
කලා ශිල්පීන් රුසකගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස මුල් සතියේදී කොළඹ ගාලූමුවදොර හෝටලයේදී ඇගේ විවාහ උත්සවය පවත්වන්නට නියමිත අතර විවාහයෙන් පසු නව නිවසක පදිංච්යට යාමටද ඇය බලාපොරොත්තු වේ.
චමල්ෂා මේ දිනවල විකාශය වන අමන්දා මෙගා ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන චරිතයටද රඟපාන්නීය. ඇය තවමත් 20 හැවිරිදි වියේ පසුවන්නියකි.