Thursday, December 16, 2010
ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළිය පණ නසාගන්නට තැත් කරයි
තම පෙම්වතා සමග අමනාපවී පණ නසාගන්නා අරමුණින් වස පානය කර අසාධ්‍ය වූ ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළියක් පසුගිය බදාදා ප‍්‍රධාන පෙළේ රජයේ රෝහලකට ඇතුළත් කරනු ලැබූ බව ගොසිප් ලංකා වෙත වාර්තා වෙනවා.
ඇතුළත් කළ අවස්ථාවේ අවසිහියෙන් මෙන් නන්දෙඩවූ ඇය තමන්ට පෙම්වතා පහර දුන් බවත් ඉවසන්නට බැරිවූ තැන දිවි නසාගන්නට සිතී මෙවැන්නක් කරගත් බවත් කියා තිබුණා.
කෙසේ වෙතත් දින තුනක් තිස්සේ ප‍්‍රතිකාර ලබා සුවය ලද පසු අද(19) ඇය රෝහලෙන් පිටත් කර තිබෙනවා.
ඇය කවුරුන්ද?
මෙම සිද්ධියට සම්බන්ධ නිළිය කවුරුන්ද යන්න ගොසිප් ලංකා පැපරාසියාට නිශ්චිතවම අනාවරණය වී තිබේ. ඔබට ඈ කවුදැයි හෙළි කරන්නට මින් ඉහත අප පොරොන්දුවූ නමුත් පාඨක බහුතරයකගේ මතය සැලකිල්ලට ගෙන එය නොකරන්නට ගොසිප් ලංකා තීරණය කළ බව දැනුම්දෙමු. මෙම සිද්ධියට මුහුණ පෑ නිළිය එමගින් තවත් අපහසුතාවයට ලක්විය හැකිය යන්න අපිදු පිළිගනිමු.
පෙම්වතා ගැන ඉඟියක්
කෙසේ වෙතත් දිවි තොරකරගන්නට සිතෙන තරමට ඇය කළකිරවූ ඇයට පහරදුන් පෙම්වතා ගැන නම් ඉ`ගියක් හෝ නොකියාම බැරිය.ඔහුද කලා ලොවේ නම ප‍්‍රසිද්ධ ගායකයෙකි.මියුසික් වීඩියෝ ඇල්බමද ඔහු නමින් නිර්මාණය වී තිබේ. ඔහුගේ වෘත්තිය තනි අකුරකින් කියැවෙන සිංහල සැටලයිට් රූපවාහිනී නාලිකාවක ප‍්‍රධාන තනතුරකි.ඔහු මින් ඉහතදීත් පහරදීම් වලින් පෙම් කතා නිමා කර ඇත්තෙකු බව පැපරාසියාට දැනගන්නට ලැබිණි.
මෙම කරදරය නිසා සිත් තැවුළට පත් ජනප‍්‍රිය නිළියට අපේ කණගාටුව.
source:Gossip lnka News