Saturday, December 18, 2010

ලිබටි පිලාසා ජීනා මෙඩම් අත්අඩංගුවට




ජීනා අත්අඩංගුවට
එළි කළොත් ඔක්කොමලා මාට්ටු

කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසාහි සුපිරි ගණිකා මඩම පවත්වාගෙන ගිය ජීනා මැඩම් නමැත්තිය පෙරේදා පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තාවෙනවා.
කෙසේ වෙතත් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවුවහොත් ඇය විසින් ඇයට රැකවරණය දුන් සහ ඇයගේ පාරිභෝගිකයින් වූ රටේ නමගිය දේශපාලනඥයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ නම් රැසක් හෙළිදරව් කරන්නට යන බව ආරංචිවේ.
මෙයට බියවී ඇති ඉහළ තනතුරු දරන්නන් රැසක්ම මේ දින දෙකතුනට පමණක් ඉහළම තැන් හමුවෙමින් ඇයව බේරාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද සැලවේ.
ඇයව රඳවාගෙන සිටින්නේ කොහිදැයි තවම වාර්තා නොවේ.

 ලිබර්ටි ප්ලාසා
ජිනා මැඩම්ගේ සුපිරි ගණිකා නිවාසය
ඉහළ නියෝගයෙන් මාට්ටු

කොළඹ කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසාහි 7-8 තට්ටුවල වසර 20ක පමණ කාලයක සිට ප‍්‍රසිද්ධ රහසක් ලෙස පවත්වාගෙන ගිය ජිනා මැඩම්ගේ සුපිරි ගණිකා නිවාසයට එරෙහිව අත තබන්නට කිසිවෙකුට අවසරයක් තිබුනේ නැත. කාලයක් තිස්සේ පොලිසිය හා දේශපාලනය අල්ලාගෙන සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මෙහි ආ ගියේ සාමාන්‍ය පැළැන්තිය නොවේ.
රටේ ප‍්‍රසිද්ධ නම ගිය පුද්ගලයින්, ව්‍යාපාරිකයින් මෙහි නිත්‍ය පාරිභෝගිකයින්ය.
ඔවුන් එක් වරකට කාන්තාවක සඳහා දස දහසේ සිට ඉහළ මිල ගණන් ගෙවා තිබිණි.
මෙම නිවාසය පසුගිය සෙනසුරාදා වටළන්නට පොලිසිය ක‍්‍රියා කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් මත බව අද දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ.

 පොලිස්පති මහින්ද බාලසූරිය මූලිකත්වයෙන් කළ මෙම මෙහෙයුම සඳහා කොළඹ පොලිසි සම්බන්ධ කරගෙන නොතිබූ අතර පානදුර වලාන පොලිසියේ නිලධාරීන් 38 දෙනෙකුගේ සහය ලබාගෙන තිබිණි.
දවසකට 75000ක වැටුපක්
මෙම නිවාසයේ සේවය කළ කාන්තාවකගේ දිනක ආදායම රුපියල් 75000 ක්පමණ වූ බවත් ඉන් සියයට 10ක් අයිතිකාරියට ගෙවූ බවත් කියැවේ. මෙම ගොඩනැගිල්ලේ නිවාස 10ක් ජිනා මැඩම් සතුවූ බවත් ඒවාට මසකට ලක්ෂ 30ක කුලී ගෙවූ බවත් වාර්තාවේ.
මෙම නිවාසයේ නිතර එන අයට ලක්ෂ 5-10-15 වශයෙන් පැකේජයන් සකසා තිබූ බවත් කාන්තාවන් සැපයීමට අමතරව කෑම මත්පැන් නවාතැන් පහසුකම්ද ලබාදුන් බවත් වාර්තාවේ.
ඇතුළුවන සියල්ලන් කැමරා මගින් දුර සිට නරඹා තහවුරු කරගත්විට පමණක් උඩට ඒමට අවසර ලැබෙන ආරක්ෂක පද්ධතියක් මෙම ගණිකා නිවසට පැවති බවත් පොලිසිය එනවිට මේ ඔස්සේ ඔවුන් එම ආරංචිය දැනගත් බවත් වාර්තාවේ. කෙසේ වෙතත් ගොඩනැගිල්ල වටළාගෙන විශාල පොලිස් පිරිසක් සිටි නමුත් පොලිසියට හසුවන අවස්ථාවේ ජිනා මැඩම් රහස් ලිෆ්ට් එකකින් පළාගොස් ඇත්තේ පුදුම සහගත ලෙසය.
පොලිසියට අල්ලාගන්නට හැකිව තිබෙන්නේ, උස්බෙකිස්ථාන ජාතික කාන්තාවන් දෙදෙනෙකු හා ලංකාවේ කාන්තාවන් තිදෙනෙකුය.

ගෙදරට වැඩට යනබව කියා ගණිකා වෘත්තියේ
වරින්වර සංචාරක වීසා ලබාගෙන විදෙස් කාන්තාවන් මෙහි සේවයට එන බවත් ලංකාවේ කාන්තාවන් උසස් පුද්ගලික ආයතනයක සේවය කරන බවට නිවෙස් වලට බොරු කියා මෙහි සේවය කරන බවත් කියැවේ.
පොලිසිය ජිනා මැඩම් අල්ලන්නට තවමත් මෙහෙයුමේ නිරතවන බව පවසා තිබෙන අතර ඇගේ පුතකු බව කියන දිනේශ් නමැත්තෙකුට ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේම පහත මාළයේ ක්ලියොපැට්රා නමැති සුපිරි කැරොකි ශාලාව අයත් බවත් මේ වන විට ඔහුද අතුරුදන්ව ඇති බවත් වාර්තාවේ.
අල්ලාගත් කාන්තාවන් තිදෙනා මහරගම, කළුතර, අනුරාධපුර පදිංචිකරුවන් බව හෙළි විය.
නවක මන්ත‍්‍රිත් ඇතුළේ
මෙම අත්අඩංගුවට පත්වන අවස්ථාවේ රජයේ නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුද සේවය ලබාගන්නට පැමිණි අය අතර සිටි බවත් ප‍්‍රශ්න කිරීමෙන් පසුව ඔහුව මුදා හැර ඇති බවත් වාර්තාවේ.


මෙම වැටළීම ගැන සිරස වීඩියෝ වාර්තාව බලන්න