දෙහිවල සත්තුවත්තේ වසර 28කට පසුව උපන් ඔරංඔටං පැටවා බලන්න දැන් හුඟ දෙනෙකුට ආස හිතිලා.ඒත් ඉපදුණු ගමන් සිටින නිසා තවම ඒකට අවසර නෑ. සත්තු වත්තේ බලධාරීන් ප‍්‍රකාශ කරන්නේ ලබන 16 වෙනිදා සිට මෙම පැටවාව මහජන ප‍්‍රදර්ශනයට තැබිය හැකි බවයි.
සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ඉන්දුනීසියාවෙන් රැගෙන ආ ඔරංඔටං යුවළකට දාව මෙම පැටවා බිහිව තිබෙනවා. වඳවී යාමේ අවධානමට ලක්වූ සත්ව කොටසක් වන ඔරං ඔටං පැටවකු මෙරටදී බිහිවීම වාසනාවක් ලෙස සැලකෙනවා.
නමක් තබන්න
පසුගිය සතියේ ඉපැදුණ මේ පැටවාට තවම නමක් තබලා නෑ. පැටවාට නමක් තැබීම සඳහා තරගයක් පවත්වා හොඳම නම් විස්සක් තෝරා ගැනීමෙන් පසු තේරිම් මණ්ඩලයක් මගින් සුදුසු නම ප‍්‍රකාශයට පත් කරන බව දන්වා තිබෙනවා.