Saturday, December 18, 2010

ඔරං ඔටංගෙ නම සකි

ඔරං ඔටං පැටවාට
නමක් තැබේ

දෙහිවල සත්තු වත්තේ ඔරංඔටං පැටවා පිළිබඳ විස්තරය ඔබට අපි කලින් කිව්වා.
අද මේ පැටවා මහජන ප‍්‍රදර්ශනයට තබා තිබුණා.ඒ සමගම පැටවාට නමක් තැබීමේ තරගයත් අද පවත්වා අවසන් කළා.
අද සවස වාර්තා වූයේ පැටවාට තැබූ ජයග‍්‍රාහී නම ‘සකි’ බවයි. මිතුරා යන්න හැඟවෙන සිංහල අරුත් ඇති මේ නම ජපන් මුහුණුවරක්ද ගන්නවා.මෙම පැටවාට නම් තැබීමට යෝජනා 500 ක් පමණ ඉදිරිපත්වූ බවත් කියැවුණා සකිගේ දෙමාපියන්ගේ නම් වනුයේ අකි සහ යුෆෝය.උන් ඉන්දුනීසියාවෙන් ලංකාවට රැගෙන ආ අයය.