Tuesday, December 21, 2010

එස් බීගේ අන්ඩර්වෙයාර් මාර්ගය

 පෙරේදා විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන පරිපාලකයින් සඳහා වූ වැඩමුළුවකට සහභාගීවූ එස් බී ඇමතිවරයා තමන් සරසවි සිසුන් මෙල්ල කරන ආකාරය දන්නා බව කී අතර ඔවුන් අන්ඩර්වෙයාර් පිටින් පළවා හැරි ආකාරය හපන්කමක් කළ අයෙකු ලෙස විස්තර කළේ මෙසේය.

‘අද ළමයින් ප‍්‍රචණ්ඩ වෙලා බය නැතිව ඉන්න පුළුවන් කියල හිතනවා..දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යයො ඇවිල්ල අධ්‍යක්ෂවරයව එළියට එළවලා නිල නිවස අල්ල ගත්ත. මම ළමයින්ව එළෙව්වෙ විනාඩි 4න් අපෙ හාමුදුරුවනේ..
වැඩිය නෑ විනාඩි 4යි ගියේ..
දෙන්නෙක් තුන්දෙනෙක්ට කණට දෙකක් ගැහුව කලිසං ෂර්ට් ගලවල දැම්ම..? පාර දිගේ අන්ඩවෙයාර් පිටින්ම පිටවෙල ගියා.
ඊළඟට පෙරාදෙණියෙ ලොකු හට් එකක් ගහගෙන උපවාසයක් කරනව...
අපි ? 3ට විතර ගියා..පොඞ්ඩක් ලැජ්ජ කරන්න එපැයි...
සේරමගෙ කලිසං ගලවල හෙළුවෙන් තමයි එළෙව්වෙ...
හ හ හා...හෙළුවෙන්ම යැව්ව..

එම කතාවේ සිරස වීඩියෝ දර්ශනය මෙතැනින්