Friday, December 17, 2010

ගීනස් වාර්තාවලැඹු විශාලතම උපන්දිනය

ලොව විශාලතම උපන්දින සුබ පැතුම් පත පිළිබඳ ගීනස් වාර්තාවට ලංකාව හිමිකම් කියයි.එම සුබ පැතුම් පත ඇත්තටම සුබ පැතුම් පොතකි.එහි පිටු 2010 ක් අඩංගුය. ගාල්ල කොට්ටවගම අනුර විජේනායක මෙහි නිර්මාතෘවරයාය.ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතා විවිධ අය තැබූ සටහන් මෙහි ඇතුළත්ය.
මෙය වාර්තාවක් ලෙස පිළිගෙන ඇති බව වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් දන්වා තිබෙන අතර මෙම පොත සහ ගීනස් සහතිකය පසුගිය 23 වනදා ජනපතිවරයාට පිළිගන්වනු ලැබීය. එම අවස්ථාවේ වීඩියෝ දර්ශනය පහත පළවේ.