Thursday, December 23, 2010

මසාජ් සෙන්ටර්ස් නීතිගත කළ යුතුයි

  දේශීය වෛද්‍ය ඇමති
සම්භාහන යන නම කී සැණින් අපට සිහිපත්වන්නේ ගණිකා නිවාස හඳුන්වන වෙනත් නමක් ලෙසයි. නමුත් සම්භාහනය පෙරදිග වෛද්‍ය ක‍්‍රමවල එන වටිනා ප‍්‍රතිකාර ක‍්‍රමයක්.
දේශීය වෛද්‍ය ඇමති සාලින්ද දිසානායක ඊයේ සිය අමාත්‍යංශයේ පැවති උත්සවයකදී පැවසූ ආකාරයට ගණිකා නිවාස මේ ප‍්‍රතිකාර ක‍්‍රමයේ නම කැත කරලා.. සම්භාහන ආයතන ලංකාව තුළ පවත්වා යන්නට නම් ඉදිරියට බලපත‍්‍ර ලබාගත යුතු බවත් ඒ සඳහා අවශ්‍ය නීති රීති ළඟදීම සකසන බවත් ඔහු කියනවා.
පෙරදිග සම්භාහන ක‍්‍රමවලට බටහිර රටවල සංචාරකයින්ගේ වැඩි ඉල්ලූමක් ඇති බවත් ඔහු කිව්වා.
කෙසේ වෙතත් බලපත‍්‍ර ලබාගත් පසු සම්භාහනය කවර ආකාරයට කරන්නේද යන්න ගැනත් නීතිරීති සැකසීමෙන් පමණයි එයට නිසි වටිනාකමක් ලැබෙන්නෙ..
'