Wednesday, December 22, 2010

ලංකාවේ ඇඳුම් ඇඳීම සීමාකරයි

අසභ්‍ය ලෙස ඇඳුම් ඇඳීම ලංකාවේ තහනම්

ලංකාවේ පුරවැසියන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට දේශීය සංස්කෘතියට හානිවන ඇඳුම් ඇඳීම ලබන වසරේ සිට තහනම් කෙරෙන නීති පනවන බව සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමති ටී බී ඒකනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කළා.

මෙම වැඩ පිළිවෙළට අවශ්‍ය ප‍්‍රතිපාදන සැලසීමට මේ වන විටත් අමාත්‍යංශ කමිටුවක් පත් කර තිබෙනවා.

මෙම නීති අනුව කාන්තාවන්ට තම සිරුරේ අඟපසඟ අනවශ්‍ය පරිදි නිරාවරණය වන ඇඳුම් ඇඳීම තහනම් වන අතර එය සංස්කෘතියට පටහැනි බවත් ලිංගික හැඟීම් ඇතිකරන ලෙස ඇඳුම් ඇඳීම අසභ්‍ය බවත් දක්වන අතර එම වරද කරන අය ඇල්ලීමට පොලිසිය යොදවන ආකාරයද මෙම කමිටුවෙන් විමසා බැලෙන බව වාර්තාවේ.