පංති කාමරයක සුපුරුදු ගුරුවරයා වෙනුවට තිරයක් මත දිස්වන අදාළ විෂයයට ලංකාවේ දක්ෂතම ගුරුවරයා පාඩමක් කළොත් කොහොමද?
රූපවාහිනිය මගින් දුරස්ථ අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන් ලංකාවේ කලින් කල ක‍්‍රියාත්මක වුණා.මින් වසර 20 කට පමණ පෙර ලලික් ඇතුලත්මුදලි අධ්‍යාපන ඇමති කාලයේ එකවරම හඳුන්වාදුන්
මේ ක‍්‍රමය පහසුකම් ප‍්‍රශ්න නිසා අත්හැර දැමුවා.දැනටමත් කේබල් නාලිකා සමාගම් සමග අධ්‍යාපන අමාත්‍යංශය එක්වී මේ පිළිබඳ නියමු වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා.
ඊයේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කර තිබුනේ ඉදිරියට මෙම ක‍්‍රමය පංති කාමරවල ගුරුවරුන් නොමැති අවස්ථා සඳහා අත්හදා බලන්නට යන බවයි.
මෙම ක‍්‍රම සාර්ථක වුවොත් අනාගතයේදී ජීවමාන ගුරුවරු පාසල්වලින් අඩුකළ හැකි අතර ඔවුන් අභ්‍යාස සඳහා උපයෝගී කර ගත හැකි වේවි.
ඒත් අවවාද දෙන විනෝද කතා කියන වේවැල් පහරින් තරවටු කරන ගුරුවරුන් මේ ක‍්‍රමය යටතේ පංතියේ රූප තිරයෙන් සොයාගන්නට නම් බැරි වේවි.
